කාන්තාවකගෙන් රුපියල් 10 000/= අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
පැමිණිකාර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාව නඩත්තු සහ අපහාසය සඳහා රුපියල් 80000/= ක වන්දි මුදලක් ඉල්ලා මෙම ක්වාසි විනිසුරුවරයා වෙත නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය ලේඛන ලබා දී ඇති අතර එම වන්දි මුදල ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 50000/ ක අල්ලස් මුදලක් ඉල්ලා එයින් රුපියල් 10000/= ක මුදලක් වරකා මුර ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ පවත්වා යන කාර්යාලය තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර විනිසුරුවරයා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.