ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වීමෙන් පවතින අවදානම් තත්ත්වය සලකා අද 14 දින සිට රාත්‍රී කාලයේදී එම මාර්ගය වසා තැබීමටත් දිවා කාලයේ පාලිත තත්ත්වයක් යටතේ වාහන ධාවනය කරවීමට අවශ්‍යය පියවර ගෙන ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊඑම්එල් උදය කුමාර මහතා පැවසීය.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ 20 වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී අද අලුයම ගස් ගල් ඇතුළුව පස් කන්දක් නාය ගොස් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වූ අතර ඒ පිළිබඳව කළ භූගර්භ පරීක්ෂාවේදී විශාල නායයාමක් සක්‍රිය වෙමින් පවතින ලක්ෂණ පහළ වී ඇති බවද නීක්ෂණය වී තිබේ.
එම කරුණු සලකා තාවකාලික පියවරක් වශයෙන් රාත්‍රී කාලයේ පස්වරු 6. 30 සිට උදෑසන 6.00 දක්වා දෛනිකව මෙම මාර්ගය තාවකාලිකව වසා තැබීමටත් දෛනික කාලගුණික තත්ත්වය අනුව ඉදිරි පියවර ගැනීමටත් නියමිත බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
