අර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ ආනයන බද්ද වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ. දේශීය ලොකු ලූණු හා අර්තාපල් අස්වැන්න වෙළඳපොළට පැමිණිමත් සමග දේශීය ගොවියා රැක ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.
මේ අනුව අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව රුපියල් 50ක්ව පැවැති බද්ද රුපියල් 60ක් දක්වා වැඩිකර තිබේ.
එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කර ඇති අතර රුපියල් 10ක්ව පැවති ආනයනික බීලූනු බද්ද රුපියල් 30 දක්වා ඉහළ යනු ඇත.