ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතිවූයේ ණය බර නිසා බවත් කොවිඩ් වසංගතය එය උග්‍ර කළ බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියයි. සිය ට්විටර් ගිනුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
"මුළු ලෝකයම කොරෝනා විසින් ගිලගත්තා. විදේශ මුදල් හිඟයට මුහුණ දී ඇත්තේ රටවල් කිහිපයක් පමණි. වර්තමාන අර්බුදයට හේතුව කොරෝනා නම්, මුළු ලෝකයම එවැනි තත්වයන්ට මුහුණ දිය යුතුව තිබුණි. අපේ ආර්ථික අර්බුදය ණය බරින් ඇති වූ අතර එය උග්‍ර කළේ කොරෝනා වසංගතයයි" යැයි ඔහු පැවැසීය.