මහබැංකු වංචාවට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත්, එම වංචාව සිදු කර සිංගප්පූරුවට පැනගොස් සිටින අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන බවත්, ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති රැලියේදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
කිරිබත්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන්ට ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට කප්පම් ලබාදීමට සිදු වූ බවත්,
ජනතාව ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට කප්පම් ලබාදුන් දේශපාලනය අවසන් වන බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ අද (18දා) කිරිබත්ගොඩ පැවති ජාතික ජනබලවේගයේ රුලියේ දීය.
පාසල් පොත් ඇතුළු අධ්‍යාපන උපකරණවලට පනවා තිබෙන බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත්, රෝග පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් අයකරන වැට් බද්ද පළමු අයවැයෙන්ම ඉවත් කරන බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“රනිල් වික්‍රමසිංහ පරණ වමේ සටන් පාඨයක් විදියට අහන්නම්ලු, මේවට උත්තර දියාපියෝ කියනවා. ඇවිල්ලා මොක ද කරන්නේ කියලා අහනවනේ. මං එකක් කියන්නම්, මහබැංකු වංචාව කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේනවා කියලා. අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවේ දී කටඋත්තරයක් දුන්නා. මේ ගනුදෙනුව කරන්න උපදෙස් දුන්නේ මහබැංකුව භාර ඇමති, අගමැති රනිල් වික්‍රමසිංහ කියලා. මේක රනිල්ගේ අනුදැනුම මත වුණා කියලා. එයා ජනාධිපති කොමිසමේ දිත් මේ කට උත්තරයම දුන්නා. සුජීව සේනසිංහට දුන්න ගාණත් කියනවා. ඔය සජබෙ ඉන්න ගොඩක් අය මේ වංචාවේ වගඋත්තරකරුවෝ.
පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා මතයට ඉඩ දිය යුතුයි. කෙසේ වෙතත් රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටුකිරීමට අපි බැඳී සිටිනවා. අපරාධකරුවන්ට නීතිය අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒක සහතිකයි. සියලු අපරාධවලට අදාළ පරීක්ෂණ නිසි පරිදි පවත්වලා අපරාධකරුවන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි හදන්නේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාම නීතියට යටත් රටක්. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන රටක්. වංචනිකයන්ට, දූෂිතයන්ට, අපරාධකරුවන්ට දේශපාලන බලය පාවිච්චි කොට වෙට්ටුදාලා පැනලා යන්න පුළුවන් රටක් නොවෙයි.
වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ නතර කර ගැනීමට ජනතාව තුළ තිබෙන දැඩි අපේක්ෂාව ඉටුකරන මේ රටේ එකම බලවේගය ජාතික ජන බලවේගයයි. අපිට අවශ්‍යයි ලෝකය සමග ඉදිරියට යන්න පුළුවන් රටක්. අද අපේ රට මේ පාලකයෝ විසින් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කරලා ඉවරයි. රටක් දියුණු වෙන්න නම් ගොවියාගේ, ධීවරයාගේ, ව්‍යවසායකයාගේ, කර්මාන්තකරුවාගේ, අපනයනකරුවාගේ ආදායම වැඩිදියුණු විය යුතුයි.
ඔවුන්ගේ ඉපයීම් මාර්ග ශක්තිමත් විය යුතුයි. නියත වශයෙන්ම අප එය ඉටුකරනවා. එය ඉටුකිරීමට සැලසුම් පමණක් නොවෙයි, ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාව, දැනුම, අත්දැකීම් තිබෙන විවිධ ක්ෂේත්රවල නිපුණතා තිබෙන, ශක්තිමත් විද්වත් මඩුල්ලක්ද අපට සිටිනවා. අපේ රටේ අපනයනකරුවන්ට ලෝක වෙළඳපොළෙන් පංගුවක් හොයාදීමේ වගකීම අපේ ආණ්ඩුවක් භාර ගන්නවා. අපේ කර්මාන්ත ක්ෂේත්රය මෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්රයද නවීකරණය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ජාතික ජන බලවේගය ආණ්ඩුවකින් අපි ලබාදෙන බවට සහතික වෙනවා.”