“අරගලය වෙලාවෙ පොලිසිය දුන්න රිපෝට් එකක් තියෙනවා ගෙවල් වලට කඩා වැදුණු පිරිස් මුලින්ම කඩල තිබුණේ ටොයිලට් අද වන විට පාසැල් පද්ධතිය තුල ගල් දාලා හිර කරලා කඩල බිඳල දාන්නේත් ටොයිලට් ලංකාවෙ විමධ්‍යගත අරමුදල් වලින් පාරවල් වලට අමතරව වැඩිපුරම හදන්නේ ටොයිලට්.
කොට්ඨාශ අධ්‍යාපන අධ්යක්ෂකතුමියනි දරුවන්ට උගන්වන්න වැසිකිලියක් පාවිච්චි කරන ආකාරය පිළිබඳව ඒවගේම කසළ හතර වටේ දාන්නේ නැතුව ඩස්පින්න එකට දාන විදිය ගැන යැයි” කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අප්‍රේල් මාසය සඳහා පැවැතිය ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ සම්බන්ධීකරණය කමිටු රැස්වීම පැවති අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැසිකිළි කඩා දැමීම අරගලය අවස්ථාවේ දක්නට ලැබුනු සිතා බැලිය යුතු තත්වයක් බව ඔහු පැවසීය.
සිලබස් කවර් කර දරුවන්ගේ අධ්‍යාපනය හැදීම මෙන්ම ඔලුවද පරිසර හිතකාමී ලෙස හැදිය යුතු බව එහිදී මන්ත්‍රීවරයා පැවසීය.
2022 වර්ෂයේ ඇතැම් පාසල්වල තමාගේ විමධ්‍යගත අරමුදල් වලින් හැදූ වැසිකිලි පද්ධති මේ වනවිට සිසු සිසුවියන් විසින් විනාශ කොට ඇති ආකාරය වාර්තා වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා මෙය අවධානයට ලක් විය යුතු කාරණයක් බව පැවසීය.
තමා පාසැල් වලට යන විට සිසු දරුවන් තැන තැන කුණු දමා ඇති ආකාරයද ඇතැම් පාසල් වල දක්නට ලැබෙන බව සඳහන් කළ මන්ත්‍රීවරයා ස්මාට් පන්ති කාමර,ස්මාර්ට් බෝඩ් සඳහා ඉදිරිපත් කරන ඉල්ලීම් වෙනුවට දරුවන්ගේ ආකල්ප පරිසරය රැකීම වෙනුවෙන් යොමු කරන ලෙස පැවසීය.
හොඳ හැදියාවකින් යුතු දරුවන් සමාජයට දායාද කිරීමට නම් ඔවුන්ට අධ්‍යාපනය මෙන්ම හොඳ ගති සිරිත් සහ පුරුදු පාසල තුළින් සහ නිවස තුළින් ලබාදිය යුතුව ඇති බව ඳහන් කළ මන්ත්‍රීවරයා කෝට්ටේ බල ප්‍රදේශයේ ඇතැම් පාසල් තම වැසිකිළි පද්ධතිය සහ කසළ කළමනාකරණය ඉතා සතුටුදායක ආකාරයෙන් පවත්වාගෙන යන අයුරු දක්නට ලැබුණු බවද පැවසීය.
මේ පිළිබඳව සිදු කළ යුතු ක්‍රියාදාමයන් මොනවාදැයි සාකච්ඡා කොට ඒ සඳහා පාසල් දරුවන් යොමු කරවීමට පියවර ගන්නා ලෙසත් එවැනි කටයුතු සඳහා තම සහයෝගය ලබාදීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.
සෑම මන්ත්‍රීවරයෙක්ම තම ප්‍රදේශයේ පාසල් පද්ධතිය තුළ වැසිකිරි හැදීම වෙනුවෙන් විමධ්‍යගත අරමුදල් ලක්ෂ ගණනින් වියදම් කරපු තත්ත්වයක් දක්නට ලැබුණු බව සඳහන් කළ මන්ත්‍රීවරයා පසුගිය කාලයේදී මුත්‍රා ආසාදිත තත්ත්වයට පත්ව පීඩා විඳින ගුරුවරුන් දෙදෙනකුද හමු වූ බව පැවසී.
හේතුව වශයෙන් ළමයින් වැසිකිලි හිර කොට කඩා බිඳ දැමීම නිසා ගුරුවරුන්ට පවා යාමට වැසිකිළියක් නොමැති වීම සහ එය අපිරිසිදු තත්ත්වයෙන් පැවතීම හඳුනාගත් කරුණු අතර වූ බව මන්ත්‍රීවරයා පැවසීය.
මේ ආකාරයෙන් දරුවන් ක්‍රියා කිරීම කිනම් හේතුවක් නිසා සිදුවන්නේ දැයි පැහැදිලි නොවූ කාරණයක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා කෙසේ වුවත් දරුවන්ගේ සිතුවිළි නිවැරදි ආකාරයෙන් සැකසීම පාසල සතු කාර්ය භාරයක් බවද පැවසීය.
රේඛා තරංගනි ෆොන්සේකා