අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් සිටියදී විෂදුමාරයක් ආග්‍රහණය වීමෙන් මියගිය බවට සැක කරන මාලඹේ කහන්තොට පාර ,ජයන්ති මාවතේ ග්‍රින් ටෙරන්ස් හි නිවසේ හිමිකරුට අයත් දෙහිවල ප්‍රදේශයේ කාමර කුලියට දෙන හෝටලයක සහ කොහුවල ඔහුගේ මවගේ නිවසේ පරික්ෂා කිරීමේදී රසායනික ද්‍රව්‍ය අඩංගු තවත්
ප්ලාස්ටික් කෑන් කීපයක් හා බෝතල් කීපයක් හමු වූ බව පොලිසිය සඳහන් කරයි.
කොහුවල කඩවත පාර නිවස තුළ වර්ග කීපයක රසායනික ද්‍රව අඩංගු ප්ලාස්ටික් කෑන් 5 ක් මෙන්ම ඒවා බහාලන ප්ලාස්ටික් ඇසුරුම් පෙට්ටි ද ,දෙහිවල ධර්මාරාම පාරේ කාමර කුලියට ලබා දෙන හෝටලයක ගබඩාවක් තුළ දියර වර්ග අඩංගු ප්ලාස්ටික් කෑන් 10 ක් මෙන්ම "වහා ගිනි ගන්නා සුළුයි" යනුවෙන් හා "වස' යනුවෙන් හඳුන්වන ලාංඡන සහිත දුඹුරු පැහැති දියර බෝතලයක්ද ඒ අතර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
අදාළ දියර වර්ගය සාමාන්‍ය වෙළඳපොළේ අලෙවියට නොමැති බවත් රසායනාගාරවලද ඉතා ස්වල්ප වශයෙන් ඇති බවත් සෞඛ්‍යයට සම්බන්ධ උසස් නිලධාරියෙක් පැවසීය.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුරාධ හේරත් කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගලහා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ශාන්ත ලක්ෂ්මන් යන මහත්වරුන් පොලිස් කණ්ඩායමක් එම ස්ථාන පරික්ෂා කළහ.
අදාල නිවසට සහ කාමර කුලියට ලබාදෙන හෝටලයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා එම රසායනික ද්‍රව්‍යය අඩංගු කාමරවලට මුද්‍රා තබා ඇතැයිද පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 12 වෙනි දහවල් මාලඹේ කහන්තොට ජයන්ති මාවතේ ග්‍රින් ටෙරන්ස් හි නිවසක් තුළ සිදු වූ විෂ දුමාරයකින් එම නිවසේ හිමිකරු වන මාරියෝ නෙතැනියල්ස් (63) හා මොනරාගල බිබිල පාර 17 කණුව පදිංචිව සිටි ඩි එම් සමන්ත පුෂ්පකුමාර(45) යන අයවලුන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබිණි
කොහුවල නිවසට සහ දෙහිවල හෝටලය වෙත අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ , රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මෙන්ම ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර ඔවුන් විසින් එම රසායනික ද්‍රව්‍යවල සාම්පල් ලබා ගත්හ.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය, දෙහිවල සහ කොහුවල පොලිසි ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.