මිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2140 ක් පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු මෝදර පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.
27 හැවිරිදි සැකකරු වෑබඩ ගනේපොළ පදිංචිකරුවෙකි.
සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ පැවැත්වේ