කොච්චිකඩේ දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සහායකවරයෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලීසිය කියයි.
එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 250 මිලිගෑම් 320 ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දුම්රිය සහායකයා පමණක් නිල ඇඳුමෙන් සිටි බවද පොලීසිය කියයි.
මට්ටක්කුලිය පොලීසියේ දූෂණ මර්දන මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමරසේකර ඇතුළු කණ්ඩායමක් වසමේ සංචාරයේ යෙදී ඇති අතර, කොට්ඨාස බුද්ධි අංශයට අනුයුක්ත රාජකාරි කරන පොලිස් කොස්තාපල් 97193 හේරත් නිලධාරියාට ලැබුණ රහසිගත තොරතුරක් මත සැකකරුවන් පැමිණි යතුරුපැදිය කදිරානවත්ත ප්‍රදේශයේ නවතා පරීක්ෂා කර ඇත.
එහිදී එහිදී ප්‍රධාන සැකකරුගේ යට ඇඳුමේ සඟවාගෙන සිටි කුඩා පාර්සලය ගෙන පරීක්ෂා කිරීමේදී විෂ මත්ද්‍රව්‍යක් වන මෙතැම් පිටමින් ඇති බවට හඳුනා ගත් බවත්, අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර ස්ථානාධිපතිවරයා මීගමුව දෙමං හංදිය රාගම වත්ත පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකාර දුම්රිය සහායකවරයා ගම්පහ මුදුන්ගොඩ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
මට්ටක්කුලිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමරසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.