දෙමළ ජාතික සන්ධානයට අයත් ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි මෙවර පළාත් පාලන මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තනිව තරග කිරීමට ඇප මුදල් තැන්පත් කිරීම සිදුකෙරිණි .
ඉලංගෙයි තමිල් අරසු කච්චි ඇතුළු පක්ෂ පහක එකමුතුවකින් දෙමළ ජාතික සන්ධානය පිහිටවීමෙන් පසුව ජාතික මැතිවරණයකට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තනිව තරග කරන පළමු අවස්ථාව මෙයවේ .
ඒ අනුව එම පක්ෂයේ බලයලත් නියෝජිත ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාස් මහතා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන දහතුනෙන් නවයකට තරග කිරීම සඳහා මෙලෙස ඇප මුදල් තැන්පත් කෙරිණි .
කින්නියා නගර සභාව කන්තලේ, ශ්‍රීපුර හා ගෝමරංකඩවල යන ප්‍රාදේශීය සභා සඳහා තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාස් මහතා පැවසීය .
ත්‍රිකුණාමලය චමෝද්‍යා
