ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුමෙන් කිසිසේත්ම ඒකපාර්ශවීයව ඉවත් නොවන බව ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කර තිබෙන පැරාමිතීන් රටකට අහිතකර නොවන බවත්, කවුරුන් විසින් ලබාදුන්න ද එම ආර්ථික ඉලක්ක හොඳ ඒවා බවත් ඔහු ප්‍රකාශ කළේය. එම පැරාමිතීන් ඉටු කරගැනීමට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව සාකච්ඡා කර, ජාත්‍යන්තර අරමුදල සමඟ ඇති ගිවිසුම බිඳනොවැටෙන ආකාරයේ වෙනස්කම්වලට යන බවද ඔහු සඳහන් කළේය.
තිබෙන ආර්ථිකය කිසිදු ආකාරයකින් කඩා වැටීමට ඉඩ නොදෙන බවත්, මෙම ආර්ථිකය තවදුරටත් ස්ථාවර හා සවිමත් කරමින් රට ඉදිරියට ගෙන යන බවත් ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති (04දා) ව්‍යාපාරික සමුළුවට එක්වෙමිනි. එම සමුළුව සඳහා ආයෝජකයෙක් වන සෝලි කැප්ටන් මහතා සහ ජෝන් කීල්ස් හෝල්ඩිංස් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා එක්ව සිටියහ.
"මෙවර මැතිවරණයේදී තීරණාත්මක සාධකය වී ඇත්තේ ආර්ථිකයයි. මීට පෙර යුද්ධය තීරණාත්මක සාධකයක් වුණා. තව කාලයකදී ජාතිය බේරා ගැනීම. රට අනතුරේ කියන එක මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සාධක බවට පත්වුණා. ඉතිහාසයේ පළමු වතාවට ආර්ථිකය ප්රමුඛ කරගත්ත සාකච්ඡාවක් දේශපාලන කරළිය තුළ මතුවෙලා තිබෙනවා. 2021 2022 කාලය තුළ අපේ රටේ ආර්ථිකය විශාල බිඳවැටීමකට ලක් නොවෙන්න මේ මැතිවරණයේදීත් සාකච්ඡාවට බඳුන් වෙන්නේ වෙනත් සාධක. සමහර ඒවා ඔවුන් විසින්ම නිර්මාණය කර ලද සාධක.
හැබැයි 2021 - 2022 ආර්ථික බිඳ වැටෙමින් පසුව පුරවැසියන්ටත් දේශපාලඥයින්ටත් බලකර සිටිනවා ආර්ථිකය පිළිබඳව විධිමත් සාකච්ඡාවක් විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡාවක්.
අපේ රටේ ආර්ථිකය පිළිබඳ කරුණු සම්පින්ඩනය කොට රටේ ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසක් සමග බෙදා ගත යුතු යැයි අපි අදහස් කළා. ඒ අනුව ඊට අදාළ මූලික හරයන් සහිතව ලියවිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම දේශපාලනිකවත් අපිට අවශ්‍යතාවයක් තිබෙනවා දේශපාලනික වශයෙනුත් අපිට අවශ්‍යතාවයක් තිබෙනවා. මේ මැතිවරණ වේදිකාවේ නැවත බිය කියන සාධකය කරළියට පැමිණ තියෙනවා.
මීට පෙරත් බිය කියන සාධකය මැතිවරණ වේදිකාවේ කරළියතාව වෙන ආකාරයකින් මේ අපේක්ෂකයා තෝරා ගත්තේ නැත්නම් ජාති අනතුරේ වැටෙනවා යැයි බියක් ඇති කළා. දැන් බියක් ඇති කරනවා මේ අපේක්ෂකයා තෝරා ගත්තේ නැත්නම් ගෑස් සිලින්ඩර් පිපිරෙනවා, ආර්ථිකය කඩා වැටෙනවා යැයි බියක්. ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් මේ රටේ ආර්ථිකය කඩා වැටේ වියයි බියක් ඇති කරන්න උත්සාහ කරනවා. කොටස් වෙළඳපළේ කඩා වැටීම පවා ජාතක ජන බලවේගයේ වර්ධනය නිසා සිදුවූවක් බව කියන්න හදනවා.
රාජ්‍ය බලය ලබා ගැනීමේ පළමු අවස්ථාවට තමයි ජාතික ජන බලවේගය පැමිණ සිටින්නේ. එය දීර්ඝ කාලයක කැපවීමක ප්‍රතිඵලයක්. දීර්ඝ කාලයක් කැප කැප කැප කැපවෙලා අපි මාස හයෙන් පලායන්න සිදුවන වාතාවරණයක් හදයිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දී තිබෙනවා එවකට සිටි ජනාධිපතිවරයා අගමැතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා ආර්ථික කඩාවැටීමට වගකිවයුතු බව.
එවැනි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබියදී අපි එවැනි තත්ත්වයකට පත් වෙයිද? අපි ඔබට සහතිකයක් ලබා දෙනවා මේ තිබෙන ආර්ථිකය කිසිදු ආකාරයකින් කඩා වැටීමට ඉඩ නොදී මේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර හා සවිමත් කරමින් ඉදිරියට ගෙන යාම තමයි අපි හා ජනතාව අතර තියෙන සම්මුතිය.
අපි තේරුම් අරගෙන තියෙනවා අපිට ලැබෙන්නේ මොන වගේ ආර්ථිකයක්ද කියලා. අපි මේ ජනප්‍රිය ලෙස බලය ලබා ගැනීමක් ජනප්‍රිය සටන් පාඨවල හිරවීමක් අපේ නෑ. එක්කෙනෙක් රාජ්‍ය සේවක වැටුප් විසි දාහකින් වැඩි කරනවා කිව්වහම අනිත් කෙනා කියනවා රාජ්‍ය සේවක අවම වැටුප පනස් පන්දා කරනවා කියලා. අපි ඒ බාල තරඟයේ නෑ.
අපි ඉතා ගැඹුරින් තේරුම් අරගෙන තියෙනවා මේ ආර්ථිකය කඩා වැටීමේ තියෙන බරපතලකම. ඒ නිසා ක්ෂණිකව එකවර ඇති කරන කම්පනයක් මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නෙ නෑ. අපිට ඉතා ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා, ක්ෂණික හැරවුම් කළ හැකි. නමුත් මේ ආර්ථිකය ගැටගැහිලා තියෙන්නේ ඉතාම සියුම් නූලකින්. ඒ නිසා මේ ආර්ථිකයට ඇති කරන ඉතා කුඩා වෙනසක් පවා මාරාන්තික බරපතල ව්‍යසනයක් ඇති විය හැකියි කියල අපි තේරුම් අරන් තියෙනවා. ඒ නිසා ජාතික ජන බලවේගය අපි ආර්ථිකයේ ඇති කරන ඉතා කුඩා වෙනසක් පවා හොඳින් කල්පනා කරලා, කවර ආකාරයේ ප්‍රතිඵල ගෙනත් දේවිදැයි කල්පනා කරල තමයි කටයුතු කරන්නේ. අපි මේ රටේ පුරවැසියන්ට වග වෙන ව්‍යාපාරයක් වගවීමට බැඳී සිටින ව්‍යාපාරයක්.
අපිට ඊළඟට තියෙන ප්රශ්නය තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග තියෙන බැඳීම. ජාත්‍යන්තරයේ රටවල් සමග තියෙන සියලූම බැඳීම් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුලේ තමයි තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුමෙන් කිසිසේත්ම ඒකපාර්ශවීයව ඉවත් වෙන්නෙ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැරාමිතීන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා කොහෙත්ම රටකට අහිතකර නෑ. ආර්ථිකය පිළිබඳව ලබා දී ඇති ඉලක්ක හොඳ ඒවා. අපි ඉදිරියට කරන සියලු සාකච්ඡා කරන්නෙ ඒ රාමුව තුළ ඉඳගෙන. ඒ රාමුවෙන් පිටත නෙමෙයි . ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. රනිල් වික්‍රමසිංහ ඇති කරපු බය තුළ තමයි කොටස් වෙළෙඳපළ කඩාවැටෙන්නෙ" යනුවෙන් පැවසීය.