ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කොට ඇති බවත් එහිදී ජනතාවගේ පැත්තෙන් මානුෂීය එකඟතාවයන්ට යා යුතුව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .
ඒ මහතා ඊයේ (21) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජනතාව මත පටවා තිබෙන අසීමිත බදු බරෙන් ඔවුන් මුදවාගත යුතුව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි .
ජනතාව විඳින අසීමිත පීඩාවන් තේරුම් ගැනීමට පාලකයන්ට සහ කම්පනය තිබිය යුතු බවත් පැවසූ ප්‍රේමදාස මහතා වත්මන් පාලකයන් කටයුතු කරනු ලබන්නේ සහ කම්පනයක් නොමැති පුද්ගලයන් ලෙසද පැවසීය .
විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය ගණන් නොගන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා බොරු වැඩ වලට අනවශ්‍ය ප්‍රචාර ලබා නොදෙන ලෙසද ඉල්ලා සිටියේය . කවුරුන් කෙසේ පැවසුවද ජනාධිපතිවරණය අනිවාර්යෙන් පවත්වන බව අවධාරණය කළ ඒ මහතා 24 පැයේ දින 365පුරා ජනතා සේවයට කැපවී සිටින තමන්ට මැතිවරණ අලුත් දෙයක් නොවන බවද පැවසීය .
ලක්ෂ 220ක ජනතාවගේජන මතයජනතාවගේ අභිලාෂයන්ඉතා වැදගත් බව අවධාරණය කළ විපක්ෂ නායකවරයාකොතරම් මව්වරුන් හා ළදරුවන් මන්දපෝෂණයෙන්පෙලෙනවාදකොතරම් පවුල් සංඛ්‍යාවක් දුප්පත් වෙලාදස්වයං රැකියා කළ කොතරම් පිරිසක් අසරණභාවයට පත්වෙලාදයන්න මිසක්ව්යවස්ථා සංශෝධන වැනිපිස්සු කතාවලට ප්‍රචාරය ලබා නොදෙන ලෙසදඉල්ලා සිටියේය .
රට තුළ නොනිදනසංවර්ධන යුගයක් ආරම්භ කරන බව අවධාරණය කළ විපක්ෂ නායකවරයාරටේ සම්පත් දේපොළ සොරා කෑපුද්ගලයන් නීතිය හමුවට ගෙනැවිත්ජනතාවට අහිමි වූ එම රාජ්‍ය දේපොළ සම්පත් නැවතරටට ලබාගැනීමට නීති පද්ධති හාආයතනයක් බිහි කරන බවද පැවසීය .