ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙක් සමාලෝචනයක් සිදු කළ යුතු බවත්, කෙසේ වෙතත් හෙට පැමිණෙන අයි.එම්.එෆ් නියෝජිතයන් සමග එවැනි ගැඹුරු සාකච්ඡාවක් සිදු නොකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
“අයි.එම්.එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් යම් සමාලෝචනයක් කරන්න ඕනී කියන අදහසේ ඉන්නවා. නමුත් හෙට පැමිණෙන අයි.එම්.එෆ්. නියෝජිතයොත් එක්ක එවැනි ගැඹුරු සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඇත්තටම නව ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ මේ අයි.එම්.එෆ්. කටයුතු කොහොමද ඉදිරියට ගෙනියන්නේ, ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණයි සිදුවන්නේ. ”