පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්දි ස්ත්‍රික් 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක පවුල් 40,516ක පුද්ගලයන් 158,391ක් පීඩාවට පත්ව සිටින බව ආරක්ෂක අමාතයාංශයේ ආපධා කළමනාකරණ අතිරේක ලේකම් කේ.සී.ධර්මතිලක මහතා පැවසීය.
ඒ අනුව ආපධාවට ලක්වූ පිරිස සුරක්ෂිත මධ්‍යස්ථාන 79ක, පවුල් 2470ක පුද්ගලයන් 10,369ක් ආරක්ෂා සහිතව රඳවා තිබෙන බව කොළඹ අද(14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම පුද්ගලයන් තිදෙනෙකු මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.