සතොස සහ වී අලෙවි මණ්ඩලය ඒකා බද්ධව මෙවර ආණ්ඩුව මගින් වී මිලදී ගැනීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවත් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අභාවයට ගිය වී ගබඩා නවීකරණය කටයුතු "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩ සටහන යටතේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී වී මිලදී ගැනීමේ රජයේ සහතික මිල ගැසට් කරන බව වෙලද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදற (15දා) අනුරාධපුර නව නගරයේ ඉදිවන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ එම ඉදිකිරීම්වලදී ඇතිවන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්ය.
පසුගිය රජයන් සමයේ ආරම්භ කල හම්බන්තොට ක්‍රීඩා පිටිය හා සම්මන්ත්රණ ශාලාව ඇතුළු රට පුරා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති හා අභාවයට යන සියලුම ගොඩනැගිලි විධිමත් ලෙස සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවද මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසයි .
මෙම ඉදි කිරීම් පිටිපස ඇතැම් නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ද සිටි බවත් එම අවිධිමත් ඉදිකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විට ඊට සම්බන්ධ සියලුම දෙනාට ද නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කීය.
මෙවර අයවැය මගින් ජනතාව බලාපොරොත්තු වන සහන ලබා දීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කලේය.