මේ වසරේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 800 කට අධික ප්‍රධාන සුබසාධන සහ සහන වැඩසටහන් සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා 2023 අයවැයේදී රජයට තවදුරටත් බදු වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
සමාජ ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 466ක්, සුබසාධන ආධාර සඳහා රුපියල් මිලියන 124ක්, අධ්‍යාපනය සඳහා සුබසාධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 16ක් සහ සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 10ක් ඇතුළත් මෙම සමාජ සුබ සාධන වැඩසටහන් සඳහා අදාළ වෙයි.
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීමට රුපියල් ට්‍රිලියන 1.1ක් සහ විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 3.2ක් වැය කිරීමටද රජයට සිදුවේ.
මේ වන විට ඉහළ දමා ඇති බදු අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබන වසරේදී රුපියල් ට්රිලියනක බදු ආදායමක් උපයා ගනු ඇතැයි භාණ්ඩාගාරය අපේක්ෂා කරයි. අලුතින් වැඩි කරන ලද බදු හරහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සහ ආයෝජන මණ්ඩලයෙන් (BOI) අමතර බදු ආදායමක් උපයා ගනු ඇතැයිද අපේක්ෂා කරයි.
ක්ෂය වී ඇති රාජ්‍ය භාණ්ඩාගාරය නංවාලීම සඳහා නව බදු ගෙන ඒම සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත රජය විසින් පසුගිය සතියේ ගැසට් කරන ලදී.