ජාතික ජන බලවේගය රජය වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානයක මහතා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 2200ක හිඟයක් පවතී.
අයවැයේ සමස්ත ආදායම හා ප්‍රදාන වශයෙන් රුපියල් බිලියන 4990ක් දක්වා තිබේ. සමස්ත වියදම් ලෙස රුපියල් බිලියන 7190ක් දක්වා තිබේ.
ඒ අනුව රුපියල් බිලියන 2200 ක හිඟයක් පවතී. මෙම අගය දේශීය හා විදේශීය ණය ගැනීම් හරහා පියවා ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් මෙවර රුපියල් බිලියන 700ක ප්‍රාථමික ගිනුමේ අතිරික්තයක් තබා ගනිමින් අයවැය ඉදිරිපත් කර තිබේ.