අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමදීම 2021 දෙසැම්බර් මස 10 දා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවැය නොවැම්බර් 12 දා ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව අයවැය විවාදය ආරම්භ කර නොවැම්බර් 22 දා තෙක් විවාදය පැවැත්වෙයි. අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 දා සිට දෙසැම්බර් 10 දා තෙක් පැවැත්වෙයි.