අලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල, දන්වත්තගොඩ ප්‍රදේශයේ නිවෙසක දී (4) පස්වරුවේ අඹුසැමියන් ලෙස ජීවත්ව සිටි සැමියා සිය බිරිඳ ඝාතනයකර ඇති අතර ඔහුගේ සිරුර ද නිවසේ වහලයේ එල්ලෙමින් තිබියදි සොයාගත් බව අලූත්ගම පොලිසිය කිය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කාලවිල පතිරගේ ගයානි ශෂිකාපතිරණ(32) සහ ගෙල වැලලා ගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ කීරාලගේ අජිත් ගුණසිංහ (41) නැමැති යුවලක් බව විමර්ශන සිදුකරන සිදු කරන අලුත්ගම පොලිසිය කියයි.
මෙම දෙදෙනාම පෙර විවාහ සිදු කර ගෙන ඉන් වෙන් ව ඇති බවත් ඝාතනයට ලක් කාන්තාව හා ගෙල වැළලාගෙන ඇති පුද්ගලයා මීට වසර කීපයක සිට එකට ජීවත් ව ඇති බවත් බාල දරුවා මෙම දෙනාගෙ බවත් සෙසු දරුවන් දෙදෙනා පෙර මෙම කාන්තාව එකට ජීවත්ව සිටි සැමියාගේ දරුවන් බවත් පොලිසිය කියයි.
වැඩිමහල් දරුවා ආරණ්‍ය සේනාසනයකට භාරදී ඇති බවත්, අනෙක් දරුවා මියගිය කාන්තාවගේ අම්මා (මිත්තනිය )භාරව සිටින බවකියයි .
අඹු-සැමි යුවළගේ ආරවුල එම අවස්ථාවේ නිවසේ සිටි බාල දරුවා සියසින් දැක ඇති බව විමර්ශන සිදුකරන පොලිසිය පොලිසිය අනාවරණය කරයි.
මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව හා සියදිවි හානි කරගත් පිරිමි පුද්ගලයා අතර සිදුව තිබෙන පවුල් ආරවුල් තුනක් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියට මීට පෙර පැමිණිලි ලැබී ඇතැයි ද පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ කාන්තාවට ස්ථිර රැකියාවක් නොමැති බවත් ගෙල වැලලා ගත් පුද්ගලයා මතුගම ප්‍රදේශයේ බේකරියක සේවය කර සිට ඇති බවත් පොලිසිය කියයි.
බිරිඳ සමඟ 4 දින ඇති වූ ආරවුලක් දුරදිග ගොස් හිරමනයකින් ඇගේ හිසට පහරදී ඝාතකයාද ගෙල වැළලාගෙන මිය යන්නට ඇතැයි විමර්ශන සිදු කරන අලුත්ගම පොලිසිය කියයි.
මියගිය යුවළට වයස අවුරුදු 6, පිරිමි දරුවෙකු සහ 10, 11 වන වියේ පසුවන තවත් පිරිමි දරුවන් දෙනකු ද ඔවුන්ගේ භාරකාරත්වයේ සිට ඇති බවත් පොලීසිය කියයි.
මෙම යුවළ මීට වසර දහයකට පමණ පෙර මෙම ප්‍රදේශයට පැමිණ තවකාලිකව කුඩා නිවසක ජීවත්ව ඇති බවත් ප්‍රදේශවාසීන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හා අලුත්ගම පොලිසිය හා එක්ව ඔවුන් ජීවත් වූ මෙම නිවස ඉදිකර දී ඇති බව ප්‍රජා පොලිස් කමිටු සභාපති වරයා සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඝාතනයට ලක්වූ කාන්තාව බෙල්ලන ප්‍රදේශයේ පදිංචිව අයෙකු බවත් සියදිවි හානි කරගත් පුද්ගලයා බිබිල ප්‍රදේශයේ අයෙකු බවත් ඔහුගේ ඥාතීන් සිටීනම් ඉදිරිපත් වන ලෙස අලුත්ගම පොලිසිය ඉල්ලීමක් කරයි .
මෙම ඝාතනය හා සියදිවි හානි කර ගැනීම පිළිබඳ බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතාව අලූත්ගම පොලිසිය සිද්ධිය වූ ස්ථානයට කැඳවා මූලික විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කරන්නැයි අලුත්ගම පොලිසියට නියෝග කර තිබේ. මහේස්ත්‍රත් පරීක්ෂණයකින් අනතුරුව සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කලුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබේ.
තුසිත කුමාර ද සිල්වා