යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වුණ පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසි වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.
මෙම වෙන්දේසිය ඊයේ (27දා) රාත්‍රියේ පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙනි.
අදාළ වෙන්දේසියේදී මෙම අඹ ගෙඩිය මිලට ගනු ලැබුවේ විදෙස්ගතව සිට පූතූර් ප්‍රදේශයේ පදිංචියට පැමිණි බැතිමතෙකු විසිනි.
මෙලෙසින් දේව පූජාවෙන් ලබගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගෙස් තැන්පත් කිරීමේදී සාමය, සෞභාග්‍යය ළඟාවන බවට හින්දු වැසියන්ගේ මතයක් පවතින අතර කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙවැනි මුදලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් ලබා ගැනීම තවත් හේතුවක් වූ බව හිමිකරු පැවසීය.
උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙරද වවුනියාවේ හින්දු කෝවිලක එක් අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වීම සිදු විය.