අමෙරිකාවේ ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් එකිනෙක ගැටීමෙන් සිදු වු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 19 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 60ක් සහ හෙලිකොප්ටරයේ සිව්දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාරතා කළේය.
අනතුරින් පසු අසල පිහිටි ගගකට ගුවන් යානය සහ හෙලිකොප්ටරය කඩා වැටුණු අතර, මේ වන විටත් සෙවීම් කටයුතු සිදු කරමින් පවතී.