අවිස්සාවේල්ල අමිතිරිගල මාර්ගයේදී සිදු වූ තිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් සංවිධානාත්මක අපරාධකරු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් අනාවරණ වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අවිස්සාවේල්ල හා ලුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා මන්නා රමේශ් ගේ සමීපතමයන් දෙදෙනෙක් බව පොලිසිය කියයි.
එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදිය කොටස් කර පොහොර උර 6 ක දමා පූගොඩ ලුණුවිල ප්‍රදේශයේ නිවසක ගරාජයක සඟවා තිබියදී සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි කියයි.
ඩුබායි රාජ්‍යයේ සිට ඉකුත් මැයි මස 9 වෙනි දින මෙරටට රැගෙන එනු ලැබූ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රමේශ් ප්‍රිය ජනක නොහොත් මන්නා රමේශ් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9/1 වගන්තිය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය අනුව දින 90 ක රැඳවූම් නියෝග ලබාගෙන සැකකරු විසින් අපරාධ සිදුකිරීම සඳහා යොදාගත් ස්වයංක්‍රීය ගිනි අවි මත්ද්‍රව ජාවාරමහා සැකකරු නීති විරෝධී ලෙස ස්වයංක්‍රීය ගිනි අවිභාවිතා කරමින් සංවිධානාත්මක අපරාධ කල්හි මෙහෙයවමින් අවිස්සාවේල්ල පොලිස් වසම ඇතුළු අවට පොලිස් වසම් වල සිදුකර තිබූ සිදුකර තිබූ අපරාධ 13 කට අදාළව විමර්ශන පැවැත්වීම සඳහා සැකකරු බස්නායක පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාර කර තිබිණි.
ඒ අනුව සැකකරු ඩුබායි රාජ්‍යයේ සිටියදී ඔහුගේ උපදෙස් මත 2023 සැප්තැම්බර් 20 වැනි දින අවමංගල්‍ය නිවසකට සහභාගි වී තීරෝද රථයකින් පැමිණීමෙන් සිටි සිව් දෙනෙකු ඉලක්ක කර ටි 56 ගිනි අවියකින් වෙඩි තබා තිබිණි.එම වෙඩි තැබීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයන් තිදෙනකු මිය ගිය අතර එක් පුද්ගලයකු බරපතල තුවාල ලැබීය.
එම තිත්ව ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය සම්බන්ධයෙන් හා එය ප්‍රවාහනය කල පුද්ගලයන් හා වාහන සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ටි 56 ගිනි අවිය කුලී පදනම මත වාහනයක් ලබාගෙන වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සිට
අවිස්සාවේල්ලට ප්‍රවාහනය කළ බවත් ඝාතනයෙන් අනතුරුව ද නැවතත් එයාකාරයෙන්ම සේදවත්තට රැගෙන යාමට උපදෙස් ලබා දුන් බවත් එම ගිනි අවිය ඩුබායි රාජ්‍යයේ සිටින වැලිපැන්නේ සංජීව නොහොත් ලොකු පැටි නැමැත්තාගේ බවත් සැකකරුගෙන් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
කොටස් කර තිබියදී පොලිස් භාරයට ගත් යතුරු පැදිය තිත්ව ඝාතනයේ වෙඩික්කරු වූ මේ වන විට විදේශ ගතව සිටින මෝල් කසුන් නමැත්තා මෙම අපරාධය සඳහා සපයා ගත් එකක් බවත් එය කොළඹ ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බවට චැසි හා එන්ජින් අංක පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන බවත් වැඩිදුරු විමර්ශන සඳහා ලියාපදිංචි අයිතිකරුට පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් පොලිස් නිලධාරියකු පැවසීය .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 අට හා 30 පසුවන අවිස්සාවේල්ල හා පූගොඩ පදිංචිකරුවන්ය. බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ උපදෙස් මත බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.