අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ 10ක ආයතන හා කාර්යයන් සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය පෙරේදා (09දා) සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යන ආමාත්‍යාංශ දෙකේ ආයතන හා කාර්යයන් සංශෝධනය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්තාපනය කිරිමේ රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්,සුවිශේෂී ප්‍රමුඛතා හා අදාළ ආයතන ඉවත් කර තිබේ. ඒම රාජ්‍ය අමාත්‍යාංශයේ ආයතන හා කාර්යයන් අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා තිබේ.
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල ආයතන හා විෂය පථයන් වෙනස් කර තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යංශය, ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යංශය යන අමාත්‍යාංශ වල විෂය පථයන් හා ආයතන මේ අනුව වෙනස් කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_131a1fd2b8.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_57c5ee5809.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_13cbbac506.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0fd70d7416.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_55d1c940d6.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_6a443d27fe.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_4dc454f226.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_04ede5b295.jpg)