අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ ඇනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව දැනට මුහුණ පා ඇති අසීරු ආර්තික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් මේ අනුව සීමා කෙරෙයි.
එසේම එවැනි සංචාරයන් සඳහා අත්‍යාවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරී කටයුතු සඳහා අත්‍යාවශ්‍යම කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගී කර ගත යුතු බව ජනපතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් දන්වා තිබේ.