අමාත්‍ය ධුර තුනක් ජනාධිපතිවරයා යටතට පත් කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මෙලෙස ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.
ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයා සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
එම අමාත්‍ය ධුරවල කටයුතු කළ සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මනූෂ නානායක්කාර හා පත් කරන ලද මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කරමින් නිකුත් කරන ලද අධිකරණ නියෝගයෙන් පසු අමාත්‍ය ධුර පුරප්පාඩු විය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ තිබේ.