විදෙස් ගමන් බලප්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදු වන අපහසුතාවය පිළිබඳ කණගාටු වන බවත්, රජයක් ලෙස සමාව ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
මම රජයක් විදියට සමාව ඉල්ලනවා. අලුත් පාස්පෝට් එකක් දාන නිසා තමයි මේක වෙලා තියෙන්නේ. අපි පුළුවන් තරම් ඉක්මනින් උත්සහ කරනවා ඒක ගෙන්න ගන්න. ඒ ලොට් එක ලැබෙනවා ඔක්තෝම්බර් 16 වැනිදා. එතකන් තියෙන එකෙන් පාලනය කර ගන්න සිදු වෙනවා. මම එකඟ වෙනවා එතන මීට වඩා කලමනාකරණය කරගෙන කරන්න තිබුණා කියලා. ජනතාවට සිදුවන අපහසුතාවයට විදේශ අමාත්‍යවරයා විදියට සහ රජයේ නියෝජිතයෙක් හැටියට කණගාටුව ප්‍රකාශ කරනවා.