(UPDATE) 2022-05-11 නිට්ටඹුවේදී ජීවිතක්ෂයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ මරණයට හේතුව පහරදීම් හේතුවෙන් සිදුවු ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ.
අධිකරණ නියෝගයක් අනුව වතුපිටිවල මූලිික රෝහලේදි සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදි මේ බව හෙළිව තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.
නිට්ටමඹුවේදී ඇතිවූ සිදුවීමක් අතරතුළදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්ත වී තිබේ. මෙහිදී ඔහු ගමන් කළ ජීප් රථයද පිරිසක් විසින් හානිකර තිබේ.
මෙම සිදුවීම අතරතුළදී තවත් පුද්ගලයෙක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.