අභියෝගවලට මුහුණ දෙමින් පක්ෂය ගොඩ නගන බව හිටපු පා.මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කෑගල්ලේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදී අද (06දා) පැවසීය. කෑගල්ල හේෂාණි හෝටලයේ පැවති මෙම හමුවේදී ඔහු මෙසේද පැවසීය.
“කෑගල්ල දිස්ත්‍රික්කය මෙහෙයවපු මේ කණ්ඩායම වගේ ම ඒ අභියෝගයට අපිත් මුහුණ දුන්නා. පක්ෂයෙහි යම් වෙනස්කම් අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කරනවා .ඒ වගේම ග්‍රාමීය මට්ටමෙන්, ග්‍රාම සේවා වසම් මට්ටමෙන් හා ගම් 36000ක් කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනැගීමේ වැඩ පිළිවෙළ ලබන ජනවාරි පටන් ගන්නවා.
පෞද්ගලික හේතු, නායකයන් සමඟ ගැටලු හෝ ප්‍රතිපත්ති මත හේතු මත අපෙන් ඈත්වෙලා ඉන්න පිරිසට කතා කරලා නැවත වතාවක් එක්කර ගැනීම කළ යුතුයි ඡන්දෙ නොදාපු විශාල පිරිසකුත් ඉන්නවා. මම හිතනවා ඒ අය බහුතරයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බද්ධ වුණු අය කියලා. ඒ අය එක්ක අපි කතා කරමු.
අපි තවත් දේශපාලන පක්ෂයක පුද්ගලයෙකුගේ හැසිරීම හෝ චරිතය හෝ දේශපාලන ක්‍රියා කලාපය විවේචනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔබ දන්නවා සමහර අවස්ථාවල වර්තමාන ආණ්ඩුව පිළිබඳවත් සමහරු සමච්චල්ලෙන් විහිළුවට ලක්කරන කාරණා තියෙනවා. ඒ එක් එක් ආණ්ඩුවල ක්‍රමවේද. ඒවාට අපි ගරු කළ යුතුයි .නමුත් එය අපේ ක්‍රමවේදය නොවෙන්න පුළුවන්. ඒක ඒ අයගේ ක්‍රමවේදය හා රාජ්‍ය පාලනය කරන රටාව. බහුතරයක් ජනතා ඡන්දයෙන් ඒ අය පත්වුණා නම් ඒ අයගේ රාජ්‍ය පාලන රටාවට කරගෙන යන්නත් අවකාශය අපි ලබාදිය යුතුයි. නමුත් පක්ෂයක් විදියට අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති තියෙනවා. ඒවා ආරක්ෂා වෙන්නත් ඕනේ. අදත්, එදත් මම කියන්නේ.
දේශීයත්වය හා අපේකම කේන්ද්‍ර කරගෙන ආරක්ෂා කර ගනිමින් මේ රට ගොඩ නැගීමේ අවශ්‍යතාවක් ශක්තියක් හා ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක් නම් ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. අපට වගකීමක් තියෙනවා. ඉදිරි පාර්ලිමේන්තුව තුළත් ඒ පිළිබඳව පෙනී ඉන්න. අනික් සියලු දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති වෙනස්. ඒ හැම පක්ෂයකම දේශපාලන ප්‍රතිපත්ති දිහා බැලුවම ව්‍යවස්ථාව, විධායකය හා ඒකීයභාවය පිළිබඳව එහි සියලු දේශපාලන පක්ෂවල තියෙන්නේ එක හා සමාන මතයක්. එක හා සමාන මත තියෙන පක්ෂ කීපය පාර්ලිමේන්තුවේ එකතු වුණාම මේ රටේ ඒ ඒකීයත්වයට හා භෞමික අඛණ්ඩතාවට විශාල හානියක් වෙන්න පුළුවන්.
වෙනස් කමක් තියෙන එකම කණ්ඩායම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. ඒ පණිවිඩය අපි ගමට අරන් යමු. ගමේ පාක්ෂිකයන් මුණ ගැසී ඒ අය සමඟ අපි සාකච්ඡා කරමු. හැම ගමකම වැඩක් කරලා තියෙනවා නම් වැඩක් කරලා තියෙන්නේ අපේ ආණ්ඩුව. නමුත් දැන් මිනිස්සු කලකිරිලා ඇති. කනගාටු වෙලා තියෙනවා. අපෙන් ඈත් වෙලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිහා බැලුවම ඒක අපිට පේනවා. ඒක අපි පිළිගන්න ඕනෑ. අපි කොතරම් වැඩ කළත් පාරවල් හැදුවත් ඉස්කෝල හැදුවත්, වැඩ කළත් අපේ පක්ෂය සමඟ ජනතාව දුරස්වීමට ලක්වෙලා පසුගිය කාලයේ තිබුණා .ඉතින් ඒ අයව ළං කරගෙන, අපේ අඩුපාඩු හදාගෙන ප්‍රතිපත්ති කරපු දේශපාලනයක් අපි කරමු .
පාර්ලිමේන්තු මැතිවරණයේදී අපෙන් ගියපු අය අපි ගමු. ප්‍රතිපත්තිමය කරුණු මත ගිය අය ආපහු ගමු.ඒ අයටත් කියන්නේ ප්‍රතිපත්තිම වශයෙන් අපි සමග එකතු වෙමු කියලා. ප්‍රතිපත්තිමය වශයෙන් අපි දේශපාලනය කළා. ඉදිරියටත් කරනවා .ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායමක් විදියට ඔබට නායකයෙක් ඉන්නවා. අනාගතයේදී අපේ ආණ්ඩුව ගොඩනැගීමට හැකිවේ යැයි බලාපොරොත්තුවක් තියෙනවා. නිසා මේ මැතිවරණවලට ඉදිරිපත් වන කණ්ඩායමක් ඉන්නවා. ප්‍රතිපත්තියක් තියෙන කණ්ඩායමක් ඉන්නවා. කාලෙන් කාලෙට ප්‍රතිපත්ති මාරු ගුණ කණ්ඩායමුත් ඉන්නවා. ඒ වෙනුවට ප්‍රතිපත්ති ගරුක දේශපාලනය අපි කරමු. අපි මුල ඉඳන් පටන් ගමු අපේ ප්‍රතිපත්ති සමඟයි.
අපි විශ්වාස කරනවා වර්තමාන ආණ්ඩුව තරුණ තරුණියන්ගේ විරැකියාව නැති කරන යම් කටයුත්තක් කරයි කියලා. අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිදු කරන වෙනස්කම් එක්කම ලෝකයේ රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයකට අපේ අධ්‍යාපනය පරිවර්තනයක් අවශ්‍යයි. ඒ මාර්ගයේ යන ගමන් අධ්‍යාපනය වෙනස්කම් කරලා රැකියාගත කළ යුතුයි. අද ශ්‍රී ලංකා බොහෝ පිරිසක් විරැකියාවෙන් පෙළෙනවා. වහපු පාරවල් ඇරියට පලක් වෙන්නේ නෑ. විරැකියාවට විසඳුමක් නැති නම්. රාජ්‍ය නිලධාරීන්ගේ වාහන ෂෝ එකට ගෙනත් දැම්මට පලක් වෙන්නේ නෑ. මේ රටේ තරුණ පරම්පරාවට අවශ්‍ය රැකියා උත්පාදනය කරන්න පියවර ගත්තේ නැත්නම්. අපි ආණ්ඩුව නියෝජනය නොකළත් මේ රටේ තරුණ පරම්පරාවේ අවශ්‍යතා ඉටු කරන්න පක්ෂයක් විදියට අපි අපේ සහයෝගය ලබා දෙන්න ඕනෑම අවස්ථාවක කටයුතු කරනවා. අපි තරුණයන් සමග ගොඩනැඟුණු පක්ෂයක් .ඒ අපේ ප්‍රතිපත්තිවලට පටහැණි දේශපාලනයක්, රටට නොගැලපෙන දේශපාලන ක්‍රියාදාමකට යනවා නම් ඊට එක හෙළා විරුද්ධ වන්නත් කටයුතු කරනවා.
බොහෝ දේශපාලඥයෝ තමන්ගේ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වුණු ජනතාව ළඟට ඇවිත් තමන් වෙනුවෙන් පෙනී සිටි පාක්ෂිකයන් වෙනුවෙන් වග කියන්න බැරි වෙන කොට අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපිට ඔබට හැකියාව ලැබී තිබෙනවා ඔබ වෙනුවෙන් පෙනී සිටීමට.
අපි සතුටු වෙන්න ඕනේ අපි වරප්‍රසාද වරදානවලට ඔබ තමුන්නාන්සේලා යට වුණේ නෑ. දේශපාලන වාසි ලබාගෙන දේශපාලන ඔබේ පක්ෂය හෝ ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ. සමහර දේශපාලඥයන්ගේ න්‍යායයක් තියෙනවා මොන ආණ්ඩුව ආවත් ඒ ආපු හැම ආණ්ඩුවකම කැබිනට් අමාත්‍යවරයෙක් වෙන්න ඕනෑ. ඒ නිසා දිනන හැම පැත්තටම යනවා.”