අපේක්ෂා රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 5න් 3ක් බිඳවැටීම නිසා ප්‍රතිකාර කටයුතුවලට බාධා සිදුවෙමින් තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම යන්ත්‍ර පිළිවෙළින් මේ මස 07 හා 08 යන දිනවල ඇනහිට තිබෙන බවත්, මේ නිසා දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්‍රතිකාර කටයුතු ඇනහිට තිබෙන බවද පෙන්වා දෙයි.
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු අතරමගදී විකිරණ ප්‍රතිකාර ඇනහිටීම මගින් එම පිළිකා තත්ත්වය වර්ධනය වීමට වුවද හැකියාවක් පවතින බවද සඳහන් කරයි.
මෙම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගත වීමේදී මෙම යන්ත්‍ර ක්‍රියාවිරහිත වී දින 03ක් ඇතුළත යථාවත් භාවයට පත් කිරීම සඳහා කොන්දේසි පනවන අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් අදාළ සමාගමෙන් ගිවිසුම්ගත මුදලින් දිනකට සියයට එකක අධිභාරයක් අය කිරීමටද අදාළ ගිවිසුම්වල ප්‍රතිපාදන තිබෙන බවද පෙන්වා දෙයි.
රජයේ රෝහල් පද්ධතිය තුළ මෙවැනි පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් ස්ථාපනය කර තිබෙන අතර, ඉන් යන්ත්‍ර 5ක් අපේක්ෂා රෝහලේද, යන්ත්‍ර දෙකක් මහනුවර ජාතික රෝහලේද, මඩකලපුව ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ ගාල්ල ජාතික රෝහල යන රෝහල්වල එක් යන්ත්‍රය බැගින්ද ස්ථාපනය කර තිබෙන බවද සඳහන් කරයි.
මෙම යන්ත්‍ර දහයෙන් යන්ත්‍ර කිහිපයක් නිතර නිතර බිඳවැටීම සිදුවන අතර, ඒ පිළිබඳව විශේෂයෙන් සොයාබැලීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වන බවත්, මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම වෘත්තිකයන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන බවද පෙන්වා දෙයි.