ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්දියට පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු 9 දින අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය,කිරීයන්කල්ලිය,බංගදෙනිය. වෙන්නප්පුව ඇතුළු ප්‍රදේශ වල පදිංචි පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු අවුරුදු 25 හා 30 සිමා වල පිරිස් බව කියයි.
ලංකා ගමනා ගමන මංඩලයට අයත් හලාවත ඩිපෝවට අයත් NA- 9032 බස් රථය වසර කිපයක සිට ආණමඩුව නගරයෙ සිට මහරගම අපේක්ෂා රෝහල වෙත ගමන් ආරම්භ කර තිබුනේ අපේක්ෂා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් බැලිම සදහා ගමන් කරන පිරිස් එම රෝහලේ සායන සදහා ගමන් කරනු ලබන රෝගීන් සදහා පහසුවක් වෙමිනි.
කෙසේ නමුත් මෙම ලංගම බස් රථය ආණමඩුවෙන් පසුගිය 7 දින පිටත්ව ගමන් කරමින් සිටියදී ආඩිගම නගරයෙදී අංක තහඩු නොමැතිව ගමන් කල යතුරු පැදියක සිටි දෙදෙනෙකු විසින් ලංගම බස් රථයෙ රියදුරු ඉලක්ක කර ගනිමින් දරුණු ගල් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබුනී.
කෙසේ නමුත් මේ පිළිබදව පරික්ෂණ ආරම්භ කල ආණමඩුව පොලිසියෙ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එස් .ජයන්ත මහතා ඇතුළු කණ්ඩායමක් අදාල ගල් ප්‍රහාරය එල්ල කිරීම සිදුකල සැකකරුවන් හා එයට මැදිහත් වු බව කියන් සැකකරුවන් හත් දෙනෙකු අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුනේ දිනයක් ගත වන්නටත් මත්තෙනී.
පොලිස් පරික්ෂණ වලදි අනාවර්ණය වී ඇත්තේ ලංගම බස් රථය ආණමඩුව නගරයෙන් පිටත්වි බංගදෙනිය මංසන්දීයට ලගා වී කොළඹ හලාවත මර්ගයෙ ගමන් කරන විට අතර මගදි මගීන් නන්වා ගැනිමට මතුවු ගැටුමක් මත මෙම පහර දීම සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගැනුන සැකකරුවන් හත් දෙනා අතරින් පස් දෙනෙකු පොලිසිය මුදා හැර ඇති අතර ගල් ප්‍රහාර එල්ල කරමින් බස් රථයට අලාභ හානි කිරීමේ චෝදනාවට පුද්ගලික බස් රථයෙ හිමිකාරීත්වය දරණ සැකකරු හා තවත් පුද්ගලික බස් රථ රියදුරේකු ආණමඩුව අධිකරණයට 9 දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිස් අධිකාරී ඒ.එම් .සිරිමේවන් මහතා සමග අපරාධ විමර්ශන අංශ ස්ථානාධීපති පොලිස් පරික්ෂක එච්.එස්.ජයන්ත මහතා සමග පොලිස් සැරයන් 67434 ප්‍රේමතිලක,පොලිස් කොස්තාපල්වරුන් වන 68392 බුද්ධික, 34602 රන්ජන් යන නිළධාරීන් එක්ව සිටිති.