ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම අපේක්ෂකයෙකුටම ආරක්ෂාව ලබා දෙන බවත්, එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන අනුව තක්සේරුවක් සිදුකර වැඩි දුර ආරක්ෂාවක් ලබා දෙන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
අදාළ තක්සෙරුව සිදුකරනු ලබන්නේ බුද්ධි අංශ විසින් බවත්, තක්සේරුව සිදුකර එම වර්තාව කමිටුවකට ලබා දෙන බවත්, මේ අනුව අදාළ කමිටුව විසින් ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
ජනාධිපතිවරණ කාලසීමාවෙහිදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙන බවත්, මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විසින් බවත් ඒ මහතා සඳහන් කළේය.
මූලිකව සැම අපේක්ෂකයෙකුට යම් ආරක්ෂාවක් හිමිවන බවත්, එක් එක් අපේක්ෂකයා සභාගිවන රැස්වීම් පිළිබඳව කල්වේලා ඇතිව දැනුම් දීමෙන් අනතුරුව රැස් වීම සඳහත් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවත් පැවසීය.
ජනාධිපතිවරණ පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන පිළිබඳව සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙන බවත්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදුවුහොත් ඒ පිළිබඳව ඡයාරූප ගත කිරීම හා විඩියෝගත කිරීම සිදුකරන බවත්, ඉන් පසුව අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනය කර අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවෙහි අවශ්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථාවලද අදාළ උපදෙස් ලබා ගෙන නඩු පැවරීම් සිදුකරන බවද වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරණ පනතේ සඳහන් ප්‍රතිපාදනවලට පටහැණි දෙයක් සිදුවනවා නම් අදාළ නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත්, යම් රැස් වීමක් පැවැත්විමෙහිදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරනු ලබනවා නම් ඒ පිළිබඳව පොලීසියෙන් අවසර ලබා ගත යුතු බවත්, පොලිස් ආඥා පනතේ ඒ පිළිබඳව සඳහන් කර තිබෙන බවත්, මේ නිසා අදාළ රැස්වීම පැවැත්වෙන බල ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානවලින් අවසරය ලබා ගත යුතු බවත් සඳහන් කළේය.