ජනාධිපතිවරණය සඳහා අපෙක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වීම නිසා මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතුවලට දැනට ඇස්තමේන්තු කර තිබෙන මුදල ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණාලයේ සේවකයෝ සඳහන් කරති.
2019 වසරේ පැවැති ජනාධිපතිවරණයට අදාළව අපෙක්ෂකයන් 35 ක් ඉදිරිපත් වූ අතර මෙම ප්‍රමාණය මෙවරද ඉදිරිපත් විය හැකි බවට අනුමාන කර මුද්‍රණ වියදම් ලෙස රුපියල් මිලියන අටසීයක මුදලක් වැයවෙතැයි ගණන් බලා තිබුණි.
එවර මැතිවරණයේදි අඟල් 26 ක ඡන්ද පත්‍රිකාවක් සකස් කර තිබු අතර මෙවර අපේක්ෂකයන් 39 ක් ඉදිරිපත් වී සිටින නිසා මුද්‍රණ වියදම් ඉහළ යාම සිදුවේ.