කෝවිඩ් වසංගතය නිමා වූවා යැයි බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවේ. කුමන හෝ ස්වරූපයක් මවාගෙන කෝවිඩ් රකුසා නැවතත් පැමිණිය හැකියි. ඔබ ආරක්ෂා නොවී සිටියහොත් ඔබටත් ඔබේ සමීපතමයන්ටත් කොතරම් භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්නට වේදැයි දන්නේ කෝවිඩ් නිසා අහිමිවන ජීවිත ගැන දන්නා අය පමණි. නාරම්මල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මෘත ශරීරාගාරය භාර නිලධාරී තිලක්ෂණ බණ්ඩර මහතා කියූ කතාව අසන ඔබ කෝවිඩ් -19 සම්පූර්ණයෙන්ම අමතක කර වගකීම් විරහිතව හැසිරෙන්නේ නැති බව විශ්වාසය.
"වෙනදා නම් කෙනෙක් මිය ගියාම අපිට එයාගේ මෘත ශරීරිය පවුලේ අයට පෙන්වන්න පුළුවන්. ඒත් කෝවිඩ් හැදුනාම වෙනම ඉටු කොළ දාලා වෙනම පැක් එකක් තියනවා මෘත ශරීරය පෙන්වන්. ඔලුව විතරයි පෙන්නන්නෙ. සමරු ඉල්ලනව මිනිය. අපට කරන්න දෙයක් නෑ ඇත්තටම"
"සමර වෙලාවට මේ හොඳට ඉන්නව. අපි එක්ක කතා කරනවා. ටිකකින් වාට්ටුවෙ මිස් ඇවිත් කියනව තිලක්ෂණ අර තාත්තා නැති වුණා. අපිට පුදුම හිතෙනව මොහොතකට කලින් කතා කරපු ඒ තාත්තට මොකද වුණේ කියලා. ඒ තරම් මේ වෛරසය ප්‍රභලයි."
"අදාහානාගාරයට මෘත ශරීර ගෙනියනව අපි. ඇතුලට ගිහිල්ලා දාලා එනකොට සමහරුන්ගෙ අම්මලා තාත්තලා බලා ඉන්නවා. ආදාහනාගාරයේදි වෙන සිද්දි කියන්න බෑ. ඒක ඒ තරම් පීඩාවක්. ඒවා අහන්න එපා." තිලක්ෂණ අතිශය සංවේදීව එසේ පැවසීය.
එම වීඩියෝව පහතින්.
VIDEO