ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්දේසි කිරීමට පුරුද්ද ඇති අය විසින්, එම පුරුද්ද තමන් වෙත ආදේශ කිරීම පිළිබඳව අතිශයින් කණගාටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් පැවසීය.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊයේ (23) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය. අපි යන එන වාහන පිළිබඳව, කොළඹ නුවර යන හැටි පිළිබඳවා ජනතාව දන්නවා. අපිව පාර තොටේදි හමුවිය හැකියි, අපි ඉන්න හැටි, කන බොන හැටි ජීවත් වෙන හැටි ජනතාව දන්නවා, කෝටිපතියෙක් නම්, ගිණුම් වාර්තා සියල්ල සොයා බලා ගැනීමට කටයුතු කිරීමට අවස්ථාවත් තිබෙනවා.
මේ රටේ මිනිස්සුන්ගේ ප විදුලිය බිල ගෙවා ගත නොහැකි අවස්ථාවක, තමන්ගේ නිවසේ රුපියල් ලක්ෂ ගණනක විදුලි බිල, ආණ්ඩුවේ මුදලින් ගෙවල් ගෙවන්න කිව්ව කියලා මාධ්‍ය මගින් වාර්තා කරනවා. ඒ විදහට තමයි, අපිට රෙදි ඇඳගෙන කතා කරන්න කියන අය, ජනතාව ඉදිරියේ රෙදි ගලවා ගන්න දඟලන්නේ.
පක්ෂය වෙන්දේසි කළා කිව්වට, අපිට කීයක්වත් ලැබිලා නැහැ. මට කරන මෙම චෝදනාව අදාළ කිසිම අදාලත්වයක් නැහැ. මගේ ඕනෑම දෙයක් පරික්ෂා කළ හැකියි. ඒ නිසා අපට චෝදනා කරන්න එපා, තමන් ඉන්නේ වීදුරු ගෙවල්වල කියලා හිතාගෙන කතා කරන්න. අපි තවමත් ඉන්නෙ සාමාන්‍ය ජනතාවත් එක්ක, මිනිසුන් විදිහටයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තහනමක ලක්වීමට ඉඩ ඇතැයි පැවසෙන මතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත්, අධිකරණය තුළත් හා ඉන් පිටතත් ගත හැකි සියලු ක්‍රියා මාර්ග, මහජනතාව හා සමග එක්ව ගන්නවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ මෙවැනි දේ සිදුවීම් අපූරු දෙයක් නොවෙයි. පක්ෂයේ නිර්මාතෘවරයාගේ දුවයි, පුතයි දෙදෙනාම පක්ෂය කඩාගෙන ගියා. පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කළ අවස්ථා, පක්ෂ නායකයා ඝාතනය කළ, හමුදා කුමන්ත්‍රණ පැවති අවස්ථා තිබුණා. මේ සියල්ල මධ්‍යයේ ගොඩනැගුණු පක්ෂයක්. මේ අර්බුදය, ඒවායේ තවත් කොටසක් පමණයි. මේ අර්බුදය ජය ගන්න පුළුන්, අපි තවමත් සාමාන්‍ය ජනතාව සමගයි සිටින්නේ.
මෙය පක්ෂය විසින් ගොඩනගා ගනු ලැබූ අර්බුදයක් නොවෙයි, පක්ෂය ඇතුලේ ඉන්න අය අතරේ ප්‍රතිපත්තිමය එකඟතාවයක් නොමැතිකමයි, ඊට හේතු වී තිබෙන්නේ. පක්ෂයේ ප්‍රතිපත්තිය වන්නේ ආණ්ඩු විරෝධි ජාතිකවාදී දැක්මකට යමුයි කියන එකයි. නමුත් මේ වෙලාවේ අනෙක් කණ්ඩායම ඒ සැඳහා අකමැත්ත ප්‍රකාශ කරනවා. සෑම පක්ෂ ඇතුලේ වෙනත් මත දරණ අය සිටිනවා. අපේ පක්ෂයේ මතයට විරුද්ධවය යන අයත්, එසේ නොවන අයත් සිටිනවා.ඒ දෙගොල්ල අතර පාලමක් සාදාගතහොත්, අපට ජයග්‍රහණය කරා ගමන් කළ හැකි. යයි ද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කිවේය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්