ව්‍යාපරික ඇසකින් මෙන්ම ආර්ථික ඇසකින් බලනවානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරාට අවස්ථාව ඇති බවත් තරුණ මෙන්ම ආර්ථික ඇසකින් බලනවානම් නාමල් රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂක ලෙස සිටින බවත් පාර්ලමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් ඡන්ද දායකයන් 7 දෙනෙකුගෙන් 4ක් වෙනත් මත දරා තිබුණත් පොදුජන පෙරමුණට ලක්ෂ 30ක මූලික ඡන්ද පදනමක් ඇති ඔහු පැවැසීය.
මෙවර ප්‍රධාන අපේක්ෂකයන් 4ක් මැතිවරණයට තරග කරන හෙයින් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වන වාසනාවන්ත අපේක්ෂකයාට මැතිවරණය ජය ගැනිමට හැකි බවත් ඔහු පැවැසිය. අ