"අප කෙරෙහි අනුකම්පා කර පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්නැ"යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන් ගෙන් ඉල්ලා සිටියේය.
පානදුර, කළුදෑවල ප්‍රදේශයේ පසුගියදා (08) පස්වරුවේ පැවතී පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ඒ මහතා එසේ ඉල්ලා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස අසීරු අවධියක පසුවෙන්නේ. නමුත් ඊළග දශකයේදී එය රටේ තීරණාත්මක සාධකය බවට පත්කරනවා. අමාරු කාලයක ඉන්නේ. නායකයා පක්ෂය අතහැර යනවිට පාක්ෂිකයන් කලකිරුනා. තමන් බලාපොරොත්තු වූ දේවල් ඉටුනොවීමෙන් විපක්ෂයේ වෙනත් පක්ෂ වලට ඡන්දය දුන්නා. ජනාධිපතිවරණයේදී අපේ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානට ගියේ නෑ. ඒ නිසා මේ ජනාධිපතිවරණයේ බලාපොරොත්තු වූ ඡන්ද ප්‍රමාණය ලැබුනේ නෑ. ඒ වගේම අපේ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානයට ගියේ නෑ. මැතිවරණයේදී අපට අනුකම්පා කරලා ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් පොහොට්ටුවට ඡන්දය දාන්න.
එහෙම උනොත් කිසිකෙනෙක් දේශපාලන වශයෙන් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රථිපලයක් ලැබේවි කියා මට විශ්වාසයක් තිබෙනවා . අපි තවදුරටත් තීන්දු කරනවා මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න. අලුත් පරම්පරාව තීන්දුකලේ අලුත්ම දේශපාලන සංස්කෘතියක්.ඒ සංස්කෘතිය අවබෝධයෙන් බොරු කියන එකද ? දේශපාලන වාසි ලබාගන්න මැතිවරණ වේදිකාවේ අසීමිත බොරු කිව්වා.
සියට තුනේ සිට හතලිස් දෙකට ආවා හිතාගෙන ඉන්න එපා අල්ලගෙන ඉන්න පුළුවන් කියලා.පසුගිය කාලයේ අරගල කලා. ඒත් ඇතැම් අය දේශපාලන වාසි ගන්න අරගල කලා.
මගෙන් සමහරු අහනවා අනුර කුමාර දිසානායක මහතා ට ඊළග අවුරුදු පහේ අභියෝගයක් වෙන්නේ කව්ද කියලා. රනිල් වික්‍රමසිංහ ද ? නාමල් රාජපක්ෂ ද ? සජිත් ප්‍රේමදාස ද ? කියලා. එයට අභියෝගයක් වෙන්නේ වෙන කවුරුන් හෝ නොවෙයි . ඔහු සහ ඔහුගේ කණ්ඩායමමයි. මොකද මැතිවරණ වේදිකාවේ කියපු බොරු ඔප්පු කරගන්න බෑ. ඔහු කිව්ව බොරු පාරා වලල්ලක් වෙලා.
ජනාධිපති වෙන්න කලින් අයිඑෆ්එම් යන්නේ නෑ කිව්වා. ඒත් ආපු ගමන් අත්සන් කලා. ලියවිල්ලේ මොනවද තියෙන්නේ කියලාවත් බැලුවේ නෑ. මාස හයෙන් හයට පඩි වැඩිකරනවා කිව්වා. අපි බැරි දේවල් මැතිවරණ වේදිකාවේ කියන්නේ නෑ.
පානදුර සුමිත් පොතුපිටිය