වී සඳහා අවම මිල නියමිත වේලාවට තීරණය කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දැන් කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අමු තෙත වී පසුගිය දවස් වල රු.140ට ගියා. දැන් ඒක ටික ටික පහලට ඇවිල්ලා තියෙනවා. එතකොට වේලපු වී කිලෝවක් කීයක් වෙනවාද? රු.160ට ආසන්න මිලක් වෙනවා. මේ විකෘතියක්නේ. එහෙම ගියොත් සහල් කිලෝ එකක් කීයක් වෙයිද? රුපියල් 300ක්වත් වෙයි සහල් කිලෝ එකක්. මේ විකෘතිය තමයි ගොයම් කපන කාලයට නිර්මාණය කරන්නේ. මොන තත්ත්වයක් යටතේ වුණත් ගොවි ජනතාව වැඩි මිලකට මේ වෙලාවේ වී විකුණනවා. ඒකට අවස්ථාව අපි දෙන්න ඕනී. අපේ රජය අවම මිල නියම කළොත් මොකක්ද වෙන්නේ? විකෘති තත්ත්වයක් යටතේ පවතින මිල පහලට එනවා. ඒක තුළ ගොවිජනතාවට නැවත අසාධාරණයක් වෙනවා. අපි හිතා මතාම තමයි මේ වි කිලෝ එකේ අවම මිල තවමත් ප්‍රකාශ නොකර ඉන්නේ. මොකද අපිට මේකේ නාඩි හොඳට තේරෙනවා. කල් යල් බලලා අවම මිල අදාල වෙලාවට අපි නියම කරනවා. ”