ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා DW ජාත්‍යන්තර නාලිකාවේ මාධ්‍යවේදියෙක් අතර පැවැති සම්මුඛ සාකච්ඡාවක් උණුසුම් මුහුණුවරක් ගත්තේය.
චැනල් ෆෝ නාළිකාවේ වීඩියෝව පිළිබඳව මෙන්ම පාස්කු දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ජාත්‍යන්තර පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තරමක කේන්තියෙන් ඒ සඳහා පිළිතුරු දීමට කටයුතු කළේය.
මෙහිදී මාධ්‍ය වේදියා විකාර කථා කරන බවට මෙන්ම ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල් දෙවැනි පංතියට දමමින් කටයුතු කරන බව ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විටත් කමිටුවක් පත්කර ඇති බවත් ජනපතිවරයා පැවැසීය.
තමන් කාදිනල් සමග කටයුතු නොකර බවත් කතෝලික රාදගුරු සංගමය සමග කටයුතු කරන බවත් ජනපතිවරයා පැවැසීය.
එසේම පාස්කු ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය. චැනල් ෆෝ නාළිකාව මෙන්ම ශ්‍රි ලංකාවේ හිටපු නීතිපතිවරයාද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා කර ඇති බව ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
්