"අපි තමුන්නාන්සේලාට කියනව කුඩු වලින් තොර පාතාලයෙන් තොර රටක් ඕනෑනම් තෝරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි මේක තිතට ඉවර කරනවා.මතක තබාගන්න අපි පොඩි මිනිස්සු. ඒක ඇත්ත අපි කාටවත් ණයත් නැහැ බයත් නැහැ මේ වැඩේ අවසන් කරලා තමයි කෙලවර කරන්නේ " යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
බියගම මැතිවරණ කොට්ඨාසයේ පේරගස්හන්දිය "ලව්ලි" ක්‍රීඩාංගණයේ දී (31) පස්වරුවේ පැවැති ජනාධිපති ප්රචාරක රැළියක් අමතා අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය .
ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික බියගම සංවිධායක ආචාර්ය අසෝක සපුමල් රංවල මහතා සංවිධානය කළ මෙම රැස්වීම අමතා තවදුරටත් කථා කළ හෙතෙම මෙසේ ද පැවසීය "මේ රට පාතාලයට යටවුණු රටක් පාතාලය පෝෂණය කළේ කුඩු ව්‍යාපාරය පෝෂණය කළේ රැකවරණය දුන්නේ දේශපාලකයන්. 84000 වන පොලිස් පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයක් ඉතා හොදින් වැඩ කරනව .ඒත් හත් අට දෙනකු ඉන්නව රැකවරණය ආරක්ෂාව දෙනව."
" මේරට හදන්න බැහැ වංචාව, දූෂණය, හොරකම තියාගෙන.අපි ජනතාවට සහතිකයක් දෙනවා අපි හදන ආණ්ඩුව වංචාව, දූෂණය, හොරකම, නාස්තිය තොර ආණ්ඩුවක් හදනවා කියල."
" ලෝකයේ දියුණු වෙච්ච සෑම රටකම ප්‍රධාන මූලධර්මය තමයි නීතිය ඉදිරියේ සැම දෙනාම සමාන බව . අපේ රට ජනාධිපතිවරු ව්‍යවස්ථාව කඩන රටක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ප්‍රතික්ෂේප කරන රටක් බලය තියෙන කෙනාට එක නීතියක් බලය නැති කෙනාට තව නීතියක් ධනවතාට එක නීතියක් දුප්පතාට තව නීතියක් එහෙම වෙන්න බැහැනෙ. අපට අවශ්‍ය වන්නේ නීතිය ඉදිරියේ සැම දෙනාම සමාන භාවයෙන් තියෙන රටක් ඒ කටයුත්ත ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හදනවා."
"සමහරුන් අහනවා 'රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොනව හරි කරයි ද ' කියල . බයවෙන්ඩ එපා මොකුත් කරන්නෙ නැහැ.රනිල් පැරදිලා සාමකාමීව ගෙදර යනවා . රනිල් ට පැරදිලා හොදට පුරුදුයිනෙ. ජන්ද පෙට්ටි මොකුත් වෙන්නෙත් නැහැ.ජන්දය දාල ජන්දය ගනන් කරල ප්‍රකාශයට පත්කරන තෙක් ඒක බලාගන්නෙ රජයේ නිලධාරීන් . ඒගොල්ලන් ට ඕනෙත් මේ වැඩේ කරගත්න . බලන්න තැපැල් ජන්දය 80% ක් මාළිමාවට.