අප්‍රේල් මස සිට මේ දක්වා ප්‍රජාව තුලින් PCR පරික්ෂණ සාම්පල 27,915 ක් ලබාගෙන ඇති අතර, එම සාම්පල අතුරින් 392 ක් වෛරසය ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද (16දා) රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් විය.
මෙම වසරේ පෙබරවාරි මස 18 දින සිට ජුලි මස 15 දින වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි PCR පරික්ෂණ 131527 ක් සිදු කොට ඇත. වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කොට තිබෙන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය (MRI) වන අතර එම ප්‍රමාණය 36,101 කි.
රට පුරා PCR පරික්ෂණ සිදු කරනු ලබන රසායනාගාර 22 ක් වන අතර, දිනකට සිදු කරනු ලබන PCR පරික්ෂණ සංඛ්‍යාව 2500 දක්වා වැඩි වී ඇත.
කොවිඩ් මර්දනය හා මැඩපැවැත්වීම උදෙසා ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ මාර්ගෝපදේශ බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවීම පිළිබද මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර, ඒ අනුව පහත සදහන් කටයුතු ඉටු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබාදෙන ලදි.
මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, මාර්ගෝපදේශණ, නිර්දේශ හා නිර්ණායක අනුගමනය කරනවා ද යන්න නිරික්ෂණයට ඒකකයක් ස්ථාපිත කර, ඒ පිළිබද පසුවිපරම් කිරීම.
ප්‍රවාහන, ඖෂධශාලා, වෙළෙද සංකීර්ණ, රෝහල් සහ රැකියා ස්ථානවල මුලිකවම අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් නිසි පරිදි සිදුවෙනවා යන්න සොයාබලා සවිබලගැන්විමට කටයුතු කිරීම.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශ බලාත්මක කරමින් ඒ තුලින් මහජනතාවට වෛරසයේ අවධානම ගැන දැනුවත් කිරීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට ඒත්තුගැන්වීමට කටයුතු කිරිම.
ආශ්‍රිතයින් හඹා ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම.