අකුසලතා ලකුණු ලබා දීම ආරම්භ කරන තෙක් අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණයකදී දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල මඟින් වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ දත්ත පද්ධතියට යොමු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
එම දත්ත අනුව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අදාළ දුරකතන අංකයට අනතුර පිළිබඳ කෙටි පණිවිඩයක් මෙන්ම අනතුරක් සිදුවී ඇත්නම් වට්ස්ඇප් හරහා අදාළ වීඩියෝ පටද යොමු කෙරෙන බව තව දුරටත් කරුණු දක්වමින් ඒ්මහතා පවසා සිටියේය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය