අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය 2024 අප්‍රේල් මස 15 වන දිනය යෙදී තිබීම හේතුවෙන් මෙසේ 15දා රජයේ නිවාඩුවක් බවට පත්කර තිබේ.