අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මැඩගස්කර්, මොසැම්බික්, උගන්ඩාව, කෙන්යාව, රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටිති.
කටුනායක ගුවන් තොටුපළ තුළ දී රජයේ සෞඛ්‍ය අංශ විසින් මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සලසා දී තිබුණි.