අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කොට සිදුකළ අනතුරකදී ඝාතන 07ක් කිරීමට සෘජුවම දායක වූ රියදුරෙකුට දණ්ඩ නීති සංග්රහයේ වගන්ති 03ක් යටතේ වසර 17ක බරපතල වැඩ ඇතුව සිරදඩුවමක් සහ රුපියල් 56800 දඩමුදලක ගෙවීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපරනා සුවන්දුරුගොඩ මහත්මිය 14දා තීන්දු කළාය.
මෙසේ සිරදඩුවම් සහ දඩ මුදලක් ගෙවීමට නියම වූයේ පුත්තලම, පාලවිය පදිංචි මොහොමඩ් ගිෆ්රි මොහොමඩු වාහිල් නුමති 38 හැවිරිදි පුද්ගලයෙකුටය.
මෙම නඩු විභාගය වසර 07ක් පුරාවට පුත්තලම මහාධිකරණයේ විභාගය වූ අතර පුද්ගලයින් 36 දෙනෙකුගෙන් කටඋත්තර ලබාගනු ලැබීය.
ඒ අනුව දණ්ඩ නීති සංග්රහයේ 298 වගන්තිය යටතේ 1සිට 07 දක්වා චෝදනා 07ට වසර 07ක සිර දඩුවම් සහ එක්වසරකට රුපියල් 5000 බැගින් රුපියල් 35000ක දඩයක්, 328 වගන්තිය යටතේ චෝදනා 18ට රුපියල් 100 බැගින් රුපියල් 1800ක්, 329 වගන්තිය යටතේ චෝදනා 20ක් සඳහා මාස 06 බැගින් වසර 10ක් සඳහා සිරදඩුවම් සහ එක් වසරකට රුපියල් 1000 බැගින් වූ රුපියල් 20000ක දඩමුදලක් විනිසුරුවරිය විසින් චූදිතයා හට නියම කරනු ලැබීය.
ඉකුත් 2017. 11. 06දින කොළඹ සිට යාපනය දක්වා අධික වේගයෙන් ධාවනය වූ බස්රථයක් මුන්දලම, මදුරන්කුලිය ප්රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව මාරගයෙන් ඉවතට පැමිණ මෙම මරාන්තික රිය අනතුර සිදුවීය.
මෙම රිය අනතුරෙන් තඹලගොමුව, සිරාජ් නගර්, අංක 554 පදිංචි සහීර් මොහොමඩ් ස්මත් නැමති 43 හැවිරිදි පුද්ගලයෙක්, දංකොටුව අංක 13 බී හි පදිංචි දිසානායක දිලීප දරශන ඇන්ටනි, රක්වාන බටලන්ද පදිංචි මොහොමඩ් හනීෆා මොහොමඩ් ඉන්ද්රාන්, හම්බන්තොට සුනාමි නගර පදිංචි අස්වාන් සලීකා, ජාඇල වැලිගම්පිටිය කනත්තපාර පදිංචි සමරසිංහ ආරච්චිගේ දෝන රංජනී මෙරායා, එම ලිපිනයේම පදිංචි පැතුම් ප්රදීපා නාරායන යන අය මරණයට පත්වූ අතර ඉනිදියානු ජාතකයෙකු වන ආරුගම් පාන්ඩේ සුභාෂී නාඩා යන අයද මරණයට පත් විය.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න.