අපනයන වෙළඳාම අරමුණු කරගෙන ත්‍රෛලෝක විජයපත්‍ර වගා කිරීම ඒ ආශ්රිත ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ව්‍යාපෘති යෝජනා කැඳවයි.
අපනයන අරමුණු කරගෙන ත්‍රෛලෝක විජයපත්‍ර මත පදනම්වූ ඖෂධ හා ඒ ආශ්රිත නිෂ්පාදන සඳහා ලෝකයේ පවතින ඉල්ලුම සැළකිල්ලට ගෙන මෙම ව්‍යාපෘති යෝජනා කැඳවන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයේ හා ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විෂය පථයට අයත් බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම වගාව හා නිෂ්පාදන කටයුතු අධීක්ෂණය මෙන්ම ඒ හා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලියම නියාමනය කිරීම හා බලපත්‍ර නිකුත් කිරීම ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන බවද එම අමාත්‍යාංශය පවසයි.
ව්‍යාපෘති යෝජනා සලකා බැලීමෙන් පසු අදාල නිර්ණායක සපුරන ආයෝජකයන්ට ත්‍රෛලෝක විජය පත්‍ර වගාව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සඳහාවූ ව්‍යාපෘති සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර ලබා දීම සිදු කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.
බලපත්‍ර ලාභී ආයෝජකයන් සඳහා ආයෝජන මන්ඩල කලාපයක් තුළ අදාල ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
මේ සඳහා වන ව්‍යාපෘති යෝජනා ආයෝජන මන්ඩලයේ ආයෝජන ඇගැයීම් දෙපාර්තමේන්තුව වෙත ජුලි 10 දක්වා බාරගන්නා බවද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ජේ.ඉඳුරුවගේ