ලෝක අහාර සංවිධානයේ දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බිත්තර කුකුළු පාලන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සදහා ලාඕසයෙහි නිලධාරීන් පිරිසක් පසුගිය දා අනුරධපුරයේ සංචාරයක නිරත විය. මෙම බිත්තර නිෂ්පාදන ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මක වන බව ලෝක ආහාර සංවිධානය හදුනාගෙන ඇත.
දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 ක කුකුළු පාලන ඒකක 163 ක් ක්‍රියාත්මක කොට තිබේ. ඒ අනුව කහටගස්දිගිලිය හා මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක කුකුලු පාලන ව්‍යාපෘති කිහිපයක් මෙසේ ලාඕස නිලධාරින් පිරිසෙහි නිරික්ෂණයට ලක්විය.
මෙම එක් කුකුල් පාලන ඒකකයක් සදහා ලෝක ආහාර සංවිධානය මගින් වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ හයකට අධික වේ. එක් පාලන ඒකකයකට කුකුළු පැටවුන් 55 දෙනෙකු බැගින් ලබා දී ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. එමගින් දිනකට බිත්තර 50 ක පමණ අස්වැන්නක් ලබාගන්නා බව මෙම නිරීක්ෂණයේ දී තොරතුරු හෙලිවී තිබේ.
ඒ අනුව අවම වශයෙන් මසකට බිත්තර 1500 ක පමණ අස්වැන්නක් ලබාගැනීමට එක් ප්රතිලාභියෙකුට අවස්ථාව සැලසේ. එමගින් මසකට රුපියල් හැටදහසක පමණ ආදායමක් ලබාගැනීමට ප්‍රතිලාභීන්ට හැකිවන බව මෙහිදී නිරීක්ෂණය කෙරිනි. මෙම කුකුල් පාලන ව්‍යාපෘතිය ඉකුත් 2023 වසරේදී ආරම්භ කොට ඇත. ලෝක ආහාර සංවිධානය හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
බුල්නෑව ප්‍රදීප් රණතුංග