රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ජනාධිපතිවරයෙකුට රට වටේ මන්දිර අවශ්‍ය නැති බවත් , අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණය නව තාක්ෂණය, ඒ වගේම පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව තාක්ෂණික දැනුම ලබා දෙන කේන්ද්‍රස්ථානයක් බවට අනුරාධපුර පිහිටි ජනාධිපති මන්දිරය පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (16දා) අනුරාධපුර සල්ගාදු පිටියේ දී පැවති සමගි ජන බලවේගයේ අනුරාධපුර රැලියේදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.
"කිසිම සැකයක් හිතේ තියා ගන්න එපා, මෙදා පාර සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කය උඩින්ම දිනනවා. ආසන හතම දිනනවා. මුළු රජරටම දිනනවා, ලංකාවේම දුරකථනයෙන්, සමගි ජන බලවේගයෙන් පොදු ජන යුගය නිර්මාණය වෙනවා, කියන එක මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි.
ලැජ්ජයි, ආණ්ඩුව කතරගම පූජා භූමියටත් බාර් පර්මිට් දීලා, බියර් පර්මිට් එකක් දීලා, දැන් ළඟදිම මිහින්තලා පුදබිම ළඟත්, මං හිතන්නේ අටමස්ථානය සොළොස්මස්ථානය හැම තැනකම භාර පර්මිට්, වයින් ස්ටෝස් බියර් පර්මිට් ලබා දීම තමයි මේ රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ.
හරි හරි ඕන තරම් දී ගන්න. 21 අපි දිනලා 22 වැඩ භාර ගන්න කොට ඔක්කොම වහනවා. ඔය හොර බාර් පර්මිට්, හොර වයින් ස්ටෝස් පර්මිට් දේශපාලන වාසි තකා දුන්න සන්තෝසම් ටික ඔක්කොම නීත්‍යානුකූලව අපි ඉවත් කරනවයා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව දැන ගන්නට ඕනා, දන්නව නේද ? රනිල් අනුර ඩීල් ගැන.
දෙන්නම දේශපාලන දීගයක් කනවා. මේ දවස්වල දේශපාලන මධුසමය ගත කරනවා. මොකක්ද ඩීල් එක අපි දෙන්න එකතු වෙලා කොහොම හරි සජිත්ව පරද්දමු. ඔන්න ඩීල් එක, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ඒකට ඉඩ දෙනවද ? මේ හොර ඩීල් වලට ඉඩ දෙනවද ? වංචාකාරී ඩීල් වලට ඉඩ දෙනවද ? මම කියනවා, රනිල් වික්රමසිංහටයි, අනුර කුමාර දිසානායකටයි කමක් නෑ, 21 වෙනිදා වෙන කම් ඔය ගොල්ලගේ මදු සමය, හනිමුන් එක ගත කරන්න. 21 වෙනිදට මේ රටේ ජනතාව, ඔබ දෙපලගේ හොර ඩීල් මදු සමය අවසන් කරනවයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රජාවගෙන් සහ මේ රටේ ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා, ඔය හොර ඩීල් කාරයන්ට ඡන්දෙ දීලා ඡන්ද ටික අපතේ යවන්න එපා කියලා. ජනතාව දිනවන එකම ගමනයි තියෙන්නේ හැමෝම දැන ගන්න, අපි දිනනවා, දිනනවා, දිනනවා, කියලා. ඒක ආයේ කතා දෙකක් නැහැ. එහෙම දිනන කොට මම ඔබට පොරොන්දු වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අසන හතේම, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ විසි දෙකේම, ග්‍රාම සේවා වසම් 694ම, කුඩා ගම්, නියම් ගම්, නගර වල රණසිංහ පේමදාසගේ පුතා, සජිත් ප්‍රේමදාස භාර ගන්නවා කියලා.
ජාති ආගම් කුල මල භේද නැතුව මම ඔබලා රකිනවාමයි, රකිනවාමයි, විශේෂයෙන්ම කියන්න කැමතියි මැතිවරණ කොට්ඨාස හතේ අපි පළවෙනි පියවර හැටියට නිෂ්පාදන කර්මාන්තශාලා හතක් ආරම්භ කරනවා. දෙවන පියවර හැටියට එම වැඩ සටහන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 22ටම ගෙන යනවා. ඒ තුලින් තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට අනිවාර්යයෙන් විසඳුම් ලැබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 22ටම හොඳ ජාත්‍යන්තර තලයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ගොඩ නගලා තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ඉංග්‍රීසි භාෂාව, තවත් විදේශීය භාෂා යෞවන යෞවනියන්ට ඒ පුහුණුව ලබා දෙන්නට අපි අදහස් කරනවා.
විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 22 තුල ජාත්‍යන්තර තලයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ගොඩ නගලා යෞවන , යෞවනියන්ගේ අධ්‍යාපන අයිතිය රැකියා අයිතිය තහවුරු කරලා විශේෂයෙන්ම මෙම කේන්ද්‍රීය ආර්ථිකය අපි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ගොඩ නගන්නට කැප වෙනවා. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ තිබෙන පාසල් 562ම ස්මාර්ට් පාසල් බවට දියුණු කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ දිස්ත්‍රික්කයේ තිබෙන හැම රෝහලක්ම ස්මාර්ට් රෝහලක් බවට පත් කරනවා. ජනතාව වෙනුවෙන් කිලෝ 50ක පොහොර මිටිය, අපි රුපියල් 5000ට ලබා දෙනවා. වගා ණය කපා හරිනවා. ගොවියට, ධීවරයාට තීරෝද රථ හිමියාට, පාසල් බස් රථ සේවයේ ඉන්න අයට සහ මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයකු ලබා දෙනවා.
අපි ඒක ලබා දෙන්නේ සැබවින්ම ගොවියන්ට ධීවරයන්ට ත්‍රිරෝද රථ හිමියන්ට පාසල් බස් රථ සේවය කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට පමණයි. ඒකයි කිව් ආර් කෝඩ් එකක් දෙන්නේ, ඉන්ටර්කූලර්, ප්‍රාඩෝ පදවන කෝටිපතියන්ට ඒ ඉන්ධන සහනාධාරය නැහැ. පොඩි මිනිහටයි අපි එය ලබා දෙන්නේ.
අලි මිනිස් ගැටුම සඳහා අනිවාර්යෙන්ම අපි විසදුමක් අපි ලබා දෙනවා.. අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා දීම සඳහා ජාතික ඉඩම් පරිහරණ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. විදුලි වැඩ සාර්ථක කරන්නට පරිසරවේදියෙක් හැටියට මටත් අවබෝධයක් තිබෙනවා. ප්‍රජා කේන්ද්‍රීය වන ජීවී සංරක්ෂණයකට යොමු වෙලා වන සම්පත හිසරදයක් නොව, මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ශක්තියක් වන ආකාරයට දියුණු කරනවා.
මොරගහකන්ද ඒරු වැව ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. එපමණක් නොවේ, මේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුණේ නැති සුළු හා මධ්‍ය වාරි කර්මාන්තයේ අපි ශක්තිමත් කරනවා. එපමණක් නෙවෙයි අඅනිවාර්යයෙන්ම වාරි පුනරුත්ථාපන වැඩ සටහන ක්‍රියාත්මක කොට අපි මේ අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු වාරි සංස්කෘතියම පුනරුත්ථාපනය කරන්න, කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ වාරි කර්මාන්තය ගොඩ නගලා පොස්පේට් නිදිය අපේ රටේ අයිතිය තියා ගෙන නව තාක්ෂණය උපයෝගී කර ගෙන ඒය දියුණු කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්රතිලාභ ලබා දෙන දැවැන්ත සම්පතක් හැටියට අපි දියුණු කරනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාවේ යෙදී සිටින ගොවියා අද අනාථ වෙලා. බඩඉරිඟු පිට රටින් ගෙන්වන යුගය අමතක කරලා, රට බඩ ඉරිගු වලින් ස්වයංපේසිත කරන වැඩ පිළිවෙළ අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු සියලුම ලංකාවෙම ක්‍රියාත්මක කරනවා.
දැන් කුමාර දිසානායක ඩීල් දාල තියෙන්නෙ පුදුම මනුස්සයෙක් එක්ක. යාළුවා ඩීල් දාලා තියෙන්නේ බඩ ඉරිඟු අස්වැන්න උපරියට නෙලන කොට, පිට රටින් බඩ ඉරිගු ගෙන්නන රනිල් වික්‍රමසිංහ එක්ක. ඕක රනිල් ක්‍රමසිංහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවේ, අර්තාපල් ගොවියටත් කළා. දඹුල්ලේ ලූණු ගොවියටත් කරනවා. ඒගොල්ලන්ට හැඟීමක් නැහැ. ඒ අයට ඕනේ මාව පරද්දන්න, හැබැයි ඒක මේ රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි. ලක්ෂ 220ටම සලකන පොදු ජන යුගයකට හයිය ලබා දෙන්නට තීන්දු අරගෙන ඉවරයි. ඒ වගේම දුගී දුප්පත්කම තුරන් කරන්නට හැම දුප්පත් පවුලකටම මාස 24ක් යන තෙක් රුපියල් 20000ක් අවුරුදු දෙකක් ලබා දෙනවා. ඒක දෙන්නේ කාලා බීලා ඉවර කරන්න නෙමෙයි. ආයෝජනයට පාරිභෝජනයට ඉතිරි කිරීමට, නිෂ්පාදනයට හා අපනයනයට.
දේශපාලන පළි ගැනීමට ලක්වූ හතළිස් දාහක් ඉන්නවා. එ අයට අනිවාර්යයෙන්ම සහන සලසනවා, එපමණක් නොවේ ඒවගේම ස්ථිර නොවූ විශාල ප්‍රමාණයක් ඉන්නවා විවිධ ක්ෂේත්රවල, බහු කාර්ය ක්ෂේත්රයේ ඒ අය ස්ථීර කිරීම අපි අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට පෞද්ගලික අංශයේ සේවක මහත්ම මහතින් ලබා දෙන දායකත්වය අපි කිසිදාක අමතක කරන්නේ නැහැ. ඇඟලුම් කම්හලේ සේවිකාවගේ ඉඳලා සේවක මහත්මීන්ගේ ඉඳලා පෞද්ගලික ආරක්ෂක අංශවල ඒ වගේම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය මේ හැමදේටම මහා කර්තව්‍ය කරන පෞද්ගලික අංශයේ කම්කරු ජනතාවට මං කියන්න කැමතියි අපේ රජයක් යටතේ පෞද්ගලික අංශය ඔබගේ අවම වැටුප 25000 දක්වා වැඩි කරනවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
මැටි කර්මාන්තය, ස්වර්ණාභරණ කර්මාන්තය වැනි සම්ප්රදානුකූල කර්මාන්ත ටික අපි ප්‍රවර්ධනය කරනවා. නැවත තාක්ෂණයෙන් රට ශක්තිමත් කරනවා. අර ජනාධිපතිට ඇවිල්ල ඉන්න අනුරාධපුර ජනාධිපති මන්දිරයක් තියෙනවා. මම කියනවා ජනාධිපතිට, බදු ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ගන්න ජනාධිපති කෙනෙක් නෙවෙයි මම, වතුර උගුරකටවත් මං බදු ගෙවන ජනතාවගේන් මුදල් ගන්නේ නැහැ. ජනාධිපතිවරයාට මන්දිර ඕනේ නෑ. අපි පරිවර්තනය කරනවා. ඒ මන්දිරය ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණය නව තාක්ෂණය, ඒ වගේම පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව තාක්ෂණික දැනුම ලබා දෙන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. අනුරාධපුර ජනාධිපතිවරණ මන්දරය පරිවර්තනය කරනවා. ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට මන්දිර ඕනේ නැහැ. මන්දිර ටික හදන්න ඕන. අපේ රටේ පොදු ජනතාවට අපේ රටේ අහිංසක ජනතාවට සෞභාගයයි කියන ඒ මහා මන්දිරය මේ රටේ ලක්ෂ 25කගේ ජීවිතය තුළ අපි නිර්මාණය කරනවා.
අද දවසේ ගම් නියම් ගම්වලට යන කොට තව දින දෙකයි තියෙන්නේ, ඡන්ද ව්‍යාපාරය කරන්න හෙටයි අනිද්දයි පමණයි. හැම නිවසකටම යන්න හැම ගමකටම යන්න හැම තුලානේකටම යන්න, හැම කුඩා ගමට කටම යන්න. සියලු දෙනාටම ආරාධනා කරන්න. 21 වනදාට වැඩි ජන යුගය බිහි කරන්න දුරකථනය දිනවන්න, ""