අප්‍රේල් මාසයේදි ජනපතිවරණයක් පැවැත්විනම් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට සියයට 39 බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි.
ඒ් අනුව මාර්තු මාසයට සමගාමීව අනුර කුමාර දිසානායක මහතාට පැවැති ජනතා හිතකරත්වය සියයට 6කින් පහළ බැස තිබේ. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා හිතකරත්වය හා රනිල් වික්‍රමසිංහ මහතා ඇති ජනතා හිතකරත්වය සියයට 1 බැගින් ඉහළ ගොස් තිබේ.