රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත් පැන් අලවි කිරීම සඳහා බලපත්‍ර පක්ෂයේ කිසිම මන්ත්‍රී වරයකු ලබාගෙන නොමැති බව හැකි නම් ප්‍රකාශ කරන්නැයි තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13දා) පස්වරුවේ දඹුල්ලේ දී අභියෝග කළේය. මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ගෙදර දිසානායක මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කොට තිබිණ.
එහිදී ජනතාව ඇමතු වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් වූ විගස රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට පුරසාරම් දෙඩු බවය. ඔහුගේ පක්ෂයේ බොහෝ දෙනෙකු රහසිගතව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත් පැන් අලවිසැල් බලපත්‍ර ලබාගෙන තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා එසේ එකම අයෙකු හෝ රනිල් වික්‍රමසිංහ මහතා අතින් බලපත්‍ර ලබාගෙන නැති බව ප්‍රකාශ කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව සඳහන් කළේය,
මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්සත් ජාතික පක්ෂ කඳවුරේ කරට අත දමාගෙන සිටින බවත්, එම පක්ෂයේම සභාපති ජි .එල් .පිරිස් මහතා ඇතුළු අනෙක් කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතා සමඟ කරට අත දාගෙන සිටින බවත්, එම සියලු දෙනා එකට වැඩ කරන පිරිසක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම වෙනස තේරුම් ගෙන රටේ මහජනතාව ජාතික ජන බලවේගය සමග එක්වෙමින් නව පුනරුදයක් ඇති කිරීම සඳහා ශක්තිමත් වෙමින් සිටින බවත්, ඒ අනුව මෙවර ජනාධිපති වරණය වැළැක්වීමට කුමන ගැට ගැසුවද එය වළක්වාලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතාට නොහැකි බවත් පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ වැළැක්වීම සඳහා කුමන ගැට ගැසුවද අවසානයේදී ඔහුට ඉතිරි වන්නේ බෙල්ලේ බඳින ටයිපටියේ ගැටය පමණක් යැයි සඳහන් කළේය.