කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බලපෑම හා එය මර්දනය කිරීමට ගන්නා ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබේ.
මෙම ගැටළුවේ ඇති වැදගත්කම සලකා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් ඔවුන්ට මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවක් සඳහා ඉක්මන් දිනයක් හා වේලාවක් ලබාදෙන මෙන් ද ලිපිය මගින් ඉල්ලා සිටියි.